Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාකිස්තානය ‘බී’ කාණ්ඩයේ තෙවැනි තැනට

පාකිස්තානය ‘බී’ කාණ්ඩයේ තෙවැනි තැනට

editorial - 2022 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාවට එරෙහිව සිඩ්නි නුවරදී අද (3 වැනිදා) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 33 ක් ජයක් ලැබූ පාකිස්තානය ‘බී’ කාණ්ඩයේ තෙවැනි පැමිණීමට සමත් විය. එහිදී ලැබූ පරාජයට හේතුවෙන් දකුණු අප්‍රිකාවට එම කාණ්ඩයේ පළමු ස්ථානය දක්වා ඉහළ නැගීමට තිබූ අවස්ථාව අහිමිවූ අතර තවදුරටත් දෙවැනි ස්ථානයේ රැදී සිටීමට සිදුවිය. 

මේ දක්වා තරග 4 කට සහභාගි වී ඇති පාකිස්තානය ඉන් තරග 2 ක් ජයගෙන සෙසු තරගය දෙක පරාජයට පත්විය. ඒ අනුව මේ වන විට ඔවුන් ලබා සිටින ලකුණු සංඛ්‍යාව 4 කි. තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා බලාපොරොත්තු රඳවාගැනීමට නම් පාකිස්තානය මෙම මස 6 වැනිදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගය ජයගත යුතුය. 

තරග 4 කට සහභාගි වී ඇති දකුණු අප්‍රිකාව ඉන් තරග 2 ක් ජයගෙන එක් තරගයක් පරාජයට පත්වූ අතර සෙසු තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව නිමාවට පත්විය. ඒ අනුව මේ වන විට ඔවුන් ලබා සිටින ලකුණු සංඛ්‍යාව 5 කි. ඒ අනුව අවසන් පූර්ව වටයට කෙරෙහි බලාපොරොත්තු රඳවාගැනීම සඳහා ඔවුන්ටද මෙම මස 6 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේ ජයග්‍රහණය ඉතා වැදගත් වනු ඇත. 

-036 


අදහස් (0)

පාකිස්තානය ‘බී’ කාණ්ඩයේ තෙවැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.