Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාකිස්තාන සංචාරයක් ගැන කීමට කල් වැඩියි

පාකිස්තාන සංචාරයක් ගැන කීමට කල් වැඩියි

Dilrukshi - 2015 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරයක් ගැන පැවසීමට කල් වැඩි නමුත් පාකිස්තානයේ වර්තමාන තත්ත්වය පිළිබඳව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන් දැනුවත් කරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි මහතා පවසයි.

එසේම ඒ පිළිබඳව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට සම්බන්ධ පිරිස් සමග මෙන්ම, ක‍්‍රීඩකයන් සමග සාකච්ඡුා කරන බව සිදත් වෙත්තමුණි මහතා පැවසීය.
පාකිස්තාන - සිම්බාබ්වේ එක්දින තරගාවලියේ තෙවැනි තරගය නැරඹීම සඳහා පාකිස්තානයට ගොස් සිටි සිදත් වෙත්තමුණි මහතා විදෙස් මාධ්‍යයන්ට අදහස් දක්වමින් මේ බව පවසා සිටියේය.ශ‍්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ තරග සංචාරයකට එක් කරගැනීම සඳහා පාකිස්තානයේ අදහසක් තිබේ. කෙසේ වෙතත් මේ දක්වා ඒ පිළිබඳව පාකිස්තානය නිල වශයෙන් ශ‍්‍රී ලංකාවට ආරාධනා කර ඇති බවටත් තොරතුරු වාර්තා නොවේ.

මේ පිළිබඳව අප ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් කළ විමසුකමදීද ඔහු සඳහන් කළේ, ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරයක් පිළිබඳව තීරණයක් ගෙන නොමැති බවයි.

”ඒක ගැන කීමට දැන් කල් වැඩියි. නමුත් මම ලාහෝරයට ආවේ මගේ අතුරු පාලක කමිටුවේ නිලධාරීන් සමගයි. ඒ පාකිස්තානයට හා ඔවුන්ගේ කීර්තිනාමයට උදව්වක් වශයෙන්”

”මම ආපසු ගිහින් මම දැකපු දේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට කියනවා. අපිට මේ ගැන අපගේ ක‍්‍රීඩා සමාජ හා සංවිධාන සමග සාකච්ඡා කරන්න වෙනවා. ඒ වගේම ක‍්‍රීඩකයන් සමගත් සාකච්ඡා කරන්න වෙනවා. මොකද මේ සංචාරය ගැන ඔවුන්ට හොඳ හැඟීමක් දැනෙන්න  ඕන” යැයි සිදත් වෙත්තමුණි මහතා පැවසීය. 

පාකිස්තාන - සිම්බාබ්වේ තරගය නැරඹීමට පැමිණෙන ලෙස ආරාධනා කර තිබූ ක‍්‍රිකට් ප‍්‍රධානීන් අතරින් පාකිස්තානයට ගිය එකම ක‍්‍රිකට් ප‍්‍රධානියා වූයේද සිදත් වෙත්තමුණි මහතා පමණි.
”පාකිස්තානයේ නැවත ක‍්‍රිකට් ක‍්‍රීඩා කරනවා දැකීම මට සතුටක්. මම හිතනවා එය පාකිස්තානයේ ආරක්ෂාව පිළිබඳව තිබෙන හැඟීම වෙනස් වීමට හේතු වේවි කියා. සිම්බාබ්වේ තරග සංචාරය ගැන පාකිස්තානයේ මිනිසුන් දක්වන උනන්දුව පිළිබඳව මම මවිත වෙනවා. ඒ වගේම ශ‍්‍රී ලංකාවත් තවදුරටත් පාකිස්තානයට උපකාර කරනවා” යැයිද වෙත්තමුණි මහතා වැඩිදුරටත් පැවසීය.

අනුග‍්‍රහයෙනි


අදහස් (0)

පාකිස්තාන සංචාරයක් ගැන කීමට කල් වැඩියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.