Last Update  :  2026-03-21 17:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ප්‍රියමාල් පෙරේරා අගනා පිතිහරඹයක
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට්

ප්‍රියමාල් පෙරේරා අගනා පිතිහරඹයක

editorial - 2026 මාර් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය යටතේ මුවර්ස් ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී ශතකයක් වාර්තා කිරීමට පොලිස් ක්‍රීඩා සමාජයේ ප්‍රියමාල් පෙරේරා (නොදැවී 143) සමත් විය. 

කාසියේ වාසිය දිනූ මුවර්ස් කණ්ඩාම් නායක රමේෂ් මෙන්ඩිස්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පොලිස් ක්‍රීඩා සමාජය, තරගයේ පළමු දිනය වූ ඊයේ (20 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 320 ක් ලබා සිටියේය.
 
එහිදී අගනා පිතිහරඹයක නිරත වූ ප්‍රියමාල් පෙරේරා හතරේ පහර 16 කින් සිය ශතකය අලංකාර කළේය. ලකුණු 50 කට කඩුලු 4 ක් බිඳවැටී තිබියදී නායක අෂේන් බණ්ඩාර (60) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 114 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ප්‍රියමාල් සමත් විය. අෂේන්ගේ අර්ධ ශතකයට හතරේ පහර 6 ක් ඇතුළත් විය. 

ඉන් නොනැවතුණු ප්‍රියමාල්, පොලිස් ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් සුපුන් මධුෂංක (65) සමග එක්ව ලකුණු 127 ක සම්බන්ධතාවක්ද ගොඩනැගූ අතර පළමු දිනය සඳහා ක්‍රීඩාව නතර කරන තෙක්ම නොදැවී කඩුල්ලේ රැදී සිටියේය. තරමක් වේගයෙන් ලකුණු රැස්කළ සුපුන්ගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය. 


පොලිස් ක්‍රීඩා සමාජ පළමු ඉනිම - කඩුලු 7 දැවී 320  
(නදීර බාලසූරිය 21, අෂේන් බණ්ඩාර 60, ප්‍රියමාල් පෙරේරා නොදැවී 143, සුපුන් මධුෂංක 65, ශිරාන් ප්‍රනාන්දු 59/4, තිලංග උදේෂන 47/2) 


අදහස් (0)

ප්‍රියමාල් පෙරේරා අගනා පිතිහරඹයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.