Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල සහ එඬේරමුල්ල ශාන්ත ජෝෂප් විදුහල අතර දිවුලපිටියේදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට නාලන්දා විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ නාලන්දා විදුහලේ පසිඳු සඳරුවන් (123) ශතකයක් ලබාගත් අතර එම විදුහලේම චාරුක ජනිත් ලකුණු 17 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශාන්ත ජෝෂප් විදුහල පළමු ඉනිම - ඕවර 39.3 කදී සියලු දෙනා දැවී 70
(මල්ෂික ප්‍රනාන්දු 19, විදුර අමනෙත් 17, චාරුක ජනිත් 17/4, චානක සමීර 15/3, මහින්ද මලිත් 14/2)
නාලන්දා මැදි විදුහල පළමු ඉනිම - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 302
(පසිඳු සඳරුවන් 123, නඳුන් කල්හාර 66, තත්සර නවාංජන 29, මල්ෂික ප්‍රනාන්දු 40/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.