Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පන්දු යවන්නෝ මෝඩ් ඉංජිනියර්ස් පිලට ජය ගෙනෙති

පන්දු යවන්නෝ මෝඩ් ඉංජිනියර්ස් පිලට ජය ගෙනෙති

editorial - 2022 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

පන්දු යවන්නන්ගේ දස්කම් හේතුවෙන් හේලීස් සමාගමට එරෙහිව කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී අද (8 වැනිදා) පැවැති වෙළඳසේවා සුපර් ප්‍රීමියර් ලීග් තරගාවලියේ තරගයකදී කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට මෝඩ් ඉංජිනියර්ස් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණුඅ 187 ක ඉලක්කයක් හඹාගිය මෝඩ් ඉංජිනියර්ස් පිල ඕවර 37 කදී කඩුලු 6 ක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.

පබසර වඩුගේ ලකුණු 38 ක් ද, රවීන් සේයර් ලකුණු 35 ක් ද, සම්මු අෂාන් ලකුණු 32 ක් සහ දුෂාන් හේමන්ත නොදැවී ලකුණු 26 ක් ලබාගනිමින් මෝඩ් ඉංජිනියර්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

ළහිරු සමරකෝන්, ප්‍රභාත් ජයසූරිය සහ කළණ පෙරේරා කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද සිය කණ්ඩායම ලබාගත් ලකුණු සංඛ්‍යාව ආරක්‍ෂා කර ගැනීමට අපොහොසත් වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් හේලිස් පිලට ඕවර 46.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 186 ක් පමණි.

විශාද් රන්දික පන්දු 122 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 78 ක් ලබාගනිමින් හේලීස් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට උත්සහ ගත්හ. ඊට අමතරව තිලකරත්න සම්පත් ලකුණු 21 ක් සහ නිමේෂ ගුණසිංහ ලකුණු 20 ක් ලබාගැනීමට සමත්වූහ.

පන්දුවෙන් දස්කම් දැක්වූ චානුක දිල්ශාන් සහ මිලාන් ප්‍රියනාත් කඩුලු 3 බැගින්ද, දුෂාන් හේමන්ත කඩුලු 2 ක් දවාගනිමින් හේලීස් පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීමට සමත්වූහ.


හේලීස් සමාගම - ඕවර 46.4 කදි සියලුදෙනා දැවී 186
(තිලකරත්න සම්පත් 21, නිමේෂ ගුණසිංහ 20, විශාද් රන්දික 78, චානුක දිල්ශාන් 33/3, මිලාන් ප්‍රියනාත් 35/3, දුෂාන් හේමන්ත 37/2)

මෝඩ් ඉංජිනියර්ස් - ඕවර 37 කදී කඩුලු 6 ක් දැවී 187
(පබසර වඩුගේ 38, සම්මු අෂාන් 32, රවීන් සේයර් 35, දුෂාන් හේමන්ත නොදැවී 26, ළහිරු සමරකෝන් 20/2, ප්‍රභාත් ජයසූරිය 40/2, කළණ පෙරේරා 42/2)

 


අදහස් (0)

පන්දු යවන්නෝ මෝඩ් ඉංජිනියර්ස් පිලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.