වෙළද සේවා ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී හැටන් නැෂනල් බැංකු පිල පරදවා කඩුලූ 8 කින් ජයගැනීමට මාස් යුනිචෙලා පිල ඊයේ (08 වැනිදා) සමත්විය. මෙම තරගය බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මාස් යුනිචෙලා කණ්ඩායම කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට හැටන් නැෂනල් බැංකු කණ්ඩායමට ආරාධනා කළ අතර හැටන් නැෂනල් බැංකු කණ්ඩායම ඕවර 33.2 කදී ලකුණු 98 කට සියලූ දෙනා දැවී ගියෝය. සොහාන් බොරලැස්ස (16/4) සහ ෆර්වීස් මහරූෆ්ගේ (17/3) දක්ෂ පන්දු යැවීම හමුවේ හැටන් නැෂනල් බැංකු පිල අඩු ලකුණු සංඛ්‍යවකට දවා ගැනීමට යුනිචෙලා පිලට හැකිවිය.
ලකුණු 99 ක ඉලක්කයක් හඹා ගිය මාස් යුනිචෙලා කණ්ඩායම ඕවර් 14.2 කදී කඩුලූ 2 ක් පමණක් දැවී තම ඉලක්කය සපුරා ගැනීමට සමත්විය. නිරෝෂන් දික්වැල්ල (නොදැවී 51) අර්ධ ශතකයක් ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
හැටන් නැෂනල් බැංකුව ඕවර 33.2 කදී සියලූ දෙනා දැවී 98
(රනිල් ධම්මික 27, සොහාන් බොරලැස්ස 16/4, ෆර්වීස් මහරූෆ් 17/3, රමිත රඹුක්වැල්ල 25/2)
මාස් යුනිචෙලා ඕවර 14.4 කදී කඩුලූ 2 ක් දැවී 103
(නිරෝෂන් දික්වැල්ල නොදැවී 51, ප‍්‍රසන්න ජයවර්ධන 22, සජීව වීරකෝන් 43/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.