Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පදක්කම් ලාභීන්ට හැටතුන් ලක්ෂයක ප්‍රදානයක්

පදක්කම් ලාභීන්ට හැටතුන් ලක්ෂයක ප්‍රදානයක්

editorial - 2023 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා වර්ධනය කර ගැනීම සඳහා ජාතික ක්‍රීඩා අරමුදලෙන් රුපියල් හැටතුන් ලක්‍ෂයකට වැඩි ප්‍රතිපාදන හා ක්‍රීඩා උපකරණ බෙදාදීම ඊයේ (21) ක්‍රීඩා අමාත්‍යාංශයේ දී ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

වාලච්චේන රෝයල් ක්‍රීඩා සමාජය, මීගමුව ශාන්ත මේරි විදුහල, මාතර ශාන්ත තෝමස් විදුහලේ ක්‍රිකට් ක්‍රීඩක සසිඳු මෙත්පහන්, අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩිකා ටෙතුෂි නවෝද්‍යා, හිටපු ප්‍රවීනතම හෙල්ල විසිකිරීමේ ශූරී නදීකා ලක්මාලි, යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා මීටර 400 කඩුලු රිදී පදක්කම්ලාභී අයොමාල් අකලංකගේ පුහුණුකරු පී.එම්.එම්.ඒ. බණ්ඩාර, එහි උස පැනීමේ ලෝකඩ පදක්ම්ලාභී නිලුපුල් පැහැසර තේනුජගේ පුහුණුකරු කේ.එච්.එම්. කුමාර, කුරුණෑගල වයඹ රාජකීය විදුහලට ක්‍රිකට් උපකරණ ප්‍රදානය, පැරාලිම්පික් ක්‍රීඩක මධුර සුබසිංහගේ පුහුණුකරු ආර්.ඩී.යූ.එස්. සුරේන්ද්‍ර, මීටර 100 ක්‍රීඩිකා අමාෂා සිල්වාගේ පුහුණුකරු ජේ.එස්. වීරක්කොඩි, චෙස් ක්‍රීඩිකා ඩී.එල්.ඒ.එල්. නිෂාන්තිට එහිදී මුදල් ප්‍රදානයන් හා ක්‍රීඩා උපකරණ ප්‍රදානය ඇමැති රොෂාන් රණසිංහ මහතා අතින් සිදු කෙරුණි.

මෙසේ ඇමැතිවරයා අතින් මුදල් තිළිණ ලබා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර තරග බිමෙන් සමුගත් ආසියානු ශූරතා හා ලෝක ආරක්‍ෂක සේවා ශූරතා රිදී පදක්කම්ලාභිණී 42 හැවිරිදි බී.එල්. නදීකා ලක්මාලි ද විය.

මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතින් හිටපු හෙල්ල විසි කිරීමේ ජාතික ශූරී නදීකා ලක්මාලිට හා යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා මීටර 400 කඩුලු රිදී පදක්කම්ලාභී අයොමාල් අකලංකට මුදල් ප්‍රදානයක් සිදුකළ අයුරු


අදහස් (0)

පදක්කම් ලාභීන්ට හැටතුන් ලක්ෂයක ප්‍රදානයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.