Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නේවාසික පුහුණුවට ප‍්‍රමාද වී යයි

නේවාසික පුහුණුවට ප‍්‍රමාද වී යයි

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු කොරියාවේ ‘‘සෝල්’’ නුවරදී අද (22) ආරම්භ වූ නේවාසික පාපැදි කී‍්‍රඩා පුහුණු පාඨමාලාවට ප‍්‍රමාදවී හෝ සහභාගිවීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබේ.

 ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් තරුෂ ගිම්හාන් ප‍්‍රනාන්දු හා ප‍්‍රමෝද් රුක්ෂාන් පෙරේරා යන යොවුන් පාපැදි කී‍්‍රඩකයන් දෙදෙනා හා පුහුණුකරු සුපුන් සිරි විරාජ් මහතා තේරාගෙන  සිටින අතර දින 40 ක් වන මෙම නේවාසික පුහුණු පාඨමාලාවට සහභාගි වන සියලූ අපේක්‍ෂකයන්ට කොරියානු පාඨමාලා සංවිධායකයන්ගේ සියලූ පහසුකම් නොමිලේ සැපයේ.

කෙසේ වුවත් දින ගණනාවක ප‍්‍රමාදයකින් පසුව හෝ ඊට සහභාගිවීමට ශ්‍රී ලංකාවට අනුමැතිය හිමිව තිබෙන අතර එම ප‍්‍රමාදයට හේතුවී ඇත්තේද පාපැදි සම්මේලනය ඒ සඳහා දැක්වූ බව කියන ඇල්මැරුණු උනන්දුව යයිද චෝදනා එල්ල වී තිබේ.

 පැවැති තේරීම් තරගයකින් පසු කොරියානු පුහුණු පාඨමාලාවට තෝරාගත් මෙම කී‍්‍රඩකයෝ දෙදෙනා ගම්පහ දිස්ති‍්‍රක් පාපැදි සංගමය නියෝජනය කරති.

පාපැදි සම්මේලනය විසින් මෑතදී අත්හැර දැමන ලද අන්තර් ජාතික පාපැදි තරගමාලා අතර ජපානයේ පැවති ආසියානු පාපැදි ශූරතාවලිය (2015) විය.


●●●

 


අදහස් (0)

නේවාසික පුහුණුවට ප‍්‍රමාද වී යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.