Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නෙත්මි - නඩරාජා දස්කම් දක්වති

නෙත්මි - නඩරාජා දස්කම් දක්වති

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ  අයි. ටී. එෆ්. වයස අවුරුදු 18 න් පහළ කණිෂ්ඨ ටෙනිස් තරගාවලියේ දෙවැනි දිනය වූ ඊයේ දිනයේ පැවති තරග වලින් ජය ලැබීමට ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් වන නිශාංගන් නඩරාජා සහ නෙත්මි වඩුගේ සමත්වූහ.

කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තරගාවලිය ඉකුත් සඳුදා (7 වැනිදා) ආරම්භවූ අතර එහි පළමු සතියේ තරග 12 වැනිදා දක්වා පැවැත්වේ.

ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, බි‍්‍රතාන්‍යය, යුක්රේනය, තායිලන්තය, චීන තායිපේ, ඉරානය, සිංගප්පූරුව, හොංකොං, තුර්කිය, පිලිපීනය, රුසියාව සහ මැලේසියාවද ඇතුළුව රටවල් 26 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සති දෙකක් පුුරා පැවැත්වේ.

දෙවැනි දිනයේ ශී‍්‍ර ලාංකික කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සහභාගීවූ තරග වල ප‍්‍රතිඵල

නිශාංගන් නඩරාජා (ශ්‍රී ලංකාව) විසින් එච්. එස්. යූ. ජෙෆ්රි (චීන තායිපේ) තරග වට 2 - 0 ක් ලෙස පරාජය කරන ලදි (6/3, 6/2)
නෙත්මි වඩුගේ (ශ්‍රී ලංකාව) විසින් වත්ස්කෝල් සව්ස්ඞී (තායිලන්තය) තරග වට 2 - 1 ක් ලෙස පරාජය කරන ලදි . (4/6, 6/4, 6/4)
පොලීනා චාලා (යුක්රේනය) විසින් හසිඳි ලොකුගේ (ශ්‍රී ලංකාව) තරග වට 2 - 0 ක් ලෙස පරාජය කරන ලදි . (6/3, 6/2)
මෝහිත් ජේන් (ඉන්දියාව) විසින් අනීෂ් විජේසිංහ (ශ්‍රී ලංකාව) තරග වට 2 - 0 ක් ලෙස පරාජය කරන ලදි . (6/1, 6/2)
ෆ්රැුන්සිස්කා මේරි ඇරෙන්ඞ් (බි‍්‍රතාන්‍ය) විසින් රුක්ෂිකා විජේසූරිය (ශ්‍රී ලංකාව) තරග වට 2 - 0 ක් ලෙස පරාජය කරන ලදි . (6/0, 6/0)


අදහස් (0)

නෙත්මි - නඩරාජා දස්කම් දක්වති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.