සූරියවැව ක්‍රීඩාංගණයේදී අද (06) සිම්බාබ්වේට එරෙහිව පැවැති තෙවැනි එක්දින තරගයට ක්‍රීඩා කළ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ආබාධයකට ලක්වීම හේතුවෙන් ඉදිරි තරග දෙකෙන් ඉවත්වීමට සිදුවී තිබේ.
ප්‍රදීප් අද තරගයේදී පාදයේ ආබාධයකට ලක්ව ඇති අතර ඔහු අද ලකුණු 28 කට කඩුල්ලක් දවා ගත්තේය.
ශ්‍රී ලංකා පිලේ කළමණාකරු අසංක ගුරුසිංහ මහතා අද පස්වරුවේ පැවසුවේ වේග පන්දු යවන්නන් වන නුවන් කුලසේකර සහ අසිත ප්‍රනාන්දු සංචිතයට එකතු වීමට නියමිත බවයි.
එහිදී ගුරුසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේ කුලසේකර සංචිතයට එක්වීම ස්ථිර බවයි.
වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට ද අසනීප තත්ත්වයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.