Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නිලවරණ තියන්න සහන කාලයක් ඉල්ලයි

නිලවරණ තියන්න සහන කාලයක් ඉල්ලයි

editorial - 2022 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

රට තුළ දැන් උද්ගතව පවතින නොසන්සුන්කාරී වාතාවරණය තුළ ලබන මේ මස 31 වැනිදාට පෙර නිලවරණ පවත්වා අවසන් කිරීම දුෂ්කර කටයුත්තක් වී ඇති බැවින් ඒ සඳහා සහන කාලයක් ලබා දෙන ලෙස ජාතික ක්‍රීඩා සංගම් ගණනාවක්ම ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙම වසරේ මැයි 31 වැනිදාට පෙර නිලවරණ පවත්වා අවසන් කළ යුතු ඉතිරිව තිබෙන ජාතික ක්‍රීඩා සංගම් ගණන 25 කි. ඉන් ශ්‍රී ලංකා පාපන්දු ආයතනය ඇතුළු ජාතික ක්‍රීඩා සංගම් කීපයක් දැනටමත් නිලවරණය කල් දැමීම සඳහා ලිඛිතව ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර තිබේ.  ඒ අතර විරෝධතා ඉදිරිපත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා ජූඩෝ සම්මේලනය ඇතුළු තවත් ජාතික ක්‍රීඩා සංගම් කීපයක නිලවරණ කල් දමන ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් ලබාදී තිබේ.

කෙසේ වුවත් ඒ සඳහා ලබන අගෝස්තු 31 වැනිදා දක්වා සහන කාලයක් ප්‍රකාශයට පත් කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත්වී ඇතැයිද වාර්තාවේ. ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ඒ පිළිබඳව ‘‘ලංකාදීප’’ය කළ විමසුමකදී මෙසේ පැවසීය.

‘‘අලුත් ක්‍රීඩා ඇමැතිවරයෙකු පත්වෙනතාක් ඒ ගැන මුකුත් කියන්න බෑ. ඒ තීරණය මට තනිව ගන්න බෑ. කොහොම වුණත් රටේ දැන් පවතින තත්ත්වය ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ යොදාගත් දිනවලට පවත්වා අවසන් කරන්න යම් බලපෑමක් විය හැකි යයි උපකල්පනය කළ හැකියි.“

“දැනට ජාතික ක්‍රීඩා සංගම් කීපයක් එවැනි කල් දැමීමකට අපෙන් ඉල්ලීම් කරලත් තිබෙනවා. අලුත් ක්‍රීඩා ඇමැතිවරයා පත්වුණාට පස්සේ අපි ඒ ගැන ඇමැතිවරයා එක්ක සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා. හැබැයි මැයි 31 වැනිදාට කලින් නිලවරණ පවත්වා අවසන් කළ යුතු බවට ගත් තීරණයේ මෙතෙක් වෙනසක් කරලා නෑ.’’  යයිද අමල් එදිරිසූරිය මහතා පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනයේ නිලවරණය ලබන මැයි 17 වැනිදා පැවැත්වෙන බව ප්‍රකාශ වී තිබේ. 


අදහස් (0)

නිලවරණ තියන්න සහන කාලයක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.