Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(මහව සජීවා කෝට්ටගොඩ)
ගල්ගමුව යූ .බී .වන්නිනායක ජාතික පාසල සහ නිකවැරටිය මහසෙන් ජාතික පාසල අතර ප්‍රථම වරට පැවැත්වූ ‟වන්නි මහා සටන” ක්‍රිකට් තරගයේදී නිකවැරටිය මහසෙන් ජාතික පාසල කඩුලු 9 ක පහසු ජයක් අත්කර ගත්තේය. ඕවර 50 ක තරගයක් වූ මෙම තරඟය පසුගිය 18 වන දින ගල්ගමුව මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
පළමුව පන්දුවට පහරදුන් ගල්ගමුව යූ. බී. වන්නිනායක ජාතික පාසල සියලු දෙනාම දැවී ලකුණු 78 ක් ලබාගත්තේය. පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ නිකවැරටිය මහසෙන් ජාතික පාසලේ කණ්ඩායම ඕවර 7.3 කදී එක් ක්‍රීඩකයෙකු දැවී ලකුණු 79 ක් ලබාගනිමින් තරගයේ ජය අත්කර ගත්තේය.
තරඟයේ වීරයා ලෙස සම්මානය හිමිකර ගත්තේ පූජන නිසිත්ය.
දක්ෂතම පිතිකරු ලෙස දේවින්ද දම්සක් සහ දක්ෂතම පන්දු යවන්නා ලෙස මළිඳු ආකාෂ් සම්මාන හිමිකරගත් අතර ඔවුන් සියලු දෙනාම නිකවැරටිය මහසෙන් ජාතික පාසල නියෝජනය කල ක්‍රීඩකයෝ වූහ.
ගල්ගමුව යූ .බී .වන්නිනායක ජාතික පාසල් ක්‍රීඩා ඉතිහාසය අලුතින් ලියන්නට හැකිවීම ගැන පාසලටම ආඩම්බරයක් බවත් යූ .බී .වන්නිනායක ජාතික පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව තව තවත් ඉහල නංවන්නට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවත් ගල්ගමුව යූ .බී. වන්නිනායක ජාතික පාසලේ විදුහල්පති ටී .එම්. සුමුදු තෙන්නකෝන් මහතා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.