Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නැෂනල් සුපර් ලීගයට ඩයලොග් අනුග්‍රහය

නැෂනල් සුපර් ලීගයට ඩයලොග් අනුග්‍රහය

editorial - 2022 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කරන ‘නැෂනල් සුපර් ලීග්’ එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඩයලොග් ආසියාටා පී.එල්.සී. සමාගම කටයුතු කරනු ලබයි. තරගාවලිය අද (24 වැනිදා) සිට පෙබරවාරි මස 19 වැනිදා පැවැත්වීමට නියමිතය.

මහනුවර, කොළඹ, යාපනය, ගාල්ල සහ දඹුල්ල යන කණ්ඩායම් 5 තරග වදින මෙම තරගාවලිය ඩයලොග් ටීවී නාලිකා අංක 140 ඔස්සේ මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් නිල යූ ටියුබ් නාලිකාව ඔස්සේ සජීවීව නැරඹිය හැකිය.

සියලුම කණ්ඩායම් මුලික වටයේදී තරග 8 බැගින් ක්‍රීඩා කළ යුතු අතර එහිදී ඉහලම දස්කම් දක්වන කණ්ඩායම් 2 පෙබරවාරි 19 වැනිදා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී  පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනු ඇත.

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා වශයෙන්ද කටයුතු කරන ඩයලොග් ආසිආටා සමාගම ‘නැෂනල් සුපර් ලීග්’ ක්‍රිකට් තරගාවලියේදීද ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග එක්ව තරගාවලිය බලගන්වනු ඇත.


-036


අදහස් (0)

නැෂනල් සුපර් ලීගයට ඩයලොග් අනුග්‍රහය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.