
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ (2025-26) රග්බි ලීගයේ පළඟ වටය යටතේ ගුවන් හමුදාව සහ නාවික හමුදාව අතර සෙනසුරාදා (31 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 61-24 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ගුවන් හමුදාව සමත් විය. මෙවර තරගාවලියේදී ගුවන් හමුදාව ලැබූ පස්වැනි ජය මෙය විය.
නාවික හමුදා කණ්ඩායමේ නිවස්න ක්‍රීඩාංගනය වන වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 28-10 ක් ලෙස පෙරමුණ ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ. එහිදී ගුවන් හමුදා ක්‍රීඩකයන් ගෝල දිනුම් 4 ක් මගින් ලකුණු ලබාගත් අතර නාවික හමුදා ක්‍රීඩකයන් ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් මගිනි.
දෙවැනි අර්ධයේදී ගුවන් හමුදා ක්‍රීඩකයන් ගෝල දිනුම් 4 ක් සහ උත්සාහක දිනුමක් මගින් සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 33 ක් එක්කර ගැනීමට සමත් වෙද්දී, නාවික හමුදා ක්‍රීඩකයන්ට ගෝල දිනුම් 2 ක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 14 ක් පමණි. ඒ අනුව තරගයේ නියමිත වේලාව අවසන් වන විට ගුවන් හමුදාවට ලකුණු 61-24 ක පහසු ජයක් හිමිවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.