Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නාලන්දාවේ දුනාල් ගෙන් ශතකයක්
17න් පහළ කොටසේ ක්‍රිකට්

නාලන්දාවේ දුනාල් ගෙන් ශතකයක්

editorial - 2025 ජුලි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට අපරාජිතව සුදුසුකම් ලැබීමට කොළඹ නාලන්දා  විද්‍යාලය  සමත්විය.

තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැති මෙම තෙවැනි වටයේ තරගයේදී නාලන්දා විද්‍යාලය විසින් තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලය ලකුණු 198 කින් පරාජය කරන ලදි. 

මෙම තරගයේදී කොළඹ නාලන්දා විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ දුනාල් යෙනුක පන්දු 129 කදී හතරේ පහර 15 ක් සමගින් ලකුණු 107 ක් රැස් කළේය. 


නාලන්දා විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 291 යි
(දුනාල් යෙනුක 107, මිහින් සොයිසා 43, සන්තුල් විජේරත්න 31, තාරුක ෂෙනාල් 30, උමාෂ අභිලාෂ් නොදැවී 26, රවිඳු රාජපක්ෂ 19/2, ෂෙනේෂ් පංචම 56/2)

තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලය - ඕවර 34 කදී සියලු දෙනා දැවී 93 යි 
(ෂෙනේෂ් පංචම 22, මෙතුක පෙරේරා 14/3, බිනුල්ක මන්සිත් 11/2, ගයුක මධුෂාන් 29/2)

 


අදහස් (0)

නාලන්දාවේ දුනාල් ගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.