Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ නාලන්දා විදුහල අද (3 වැනිදා) සමත් විය.
නාලන්දා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට එරෙහිව කඩුලු 6 ක ජයක් අත්කර ගනිමින් නාලන්දා විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
දක්ෂ පන්දු යැවීමක නිතර වූ කවීෂ් මදුරප්පෙරුම ලකුණු 10 කට කඩුලු 4 ක් දවාගනිමින් ධර්මාශෝක විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා පුරෝගාමී විය.
ධර්මාශෝක විදුහල - ඕවර 35 කදී සියලු දෙනා දැවී 132
(චමිඳු දිල්ෂාන් 47, කවීෂ් මදුරප්පෙරුම 10/4, චමිඳු විජේසිංහ 10/2)
නාලන්දා විදුහල - ඕවර 32.4 කදී කඩුලු 4 ක් දැවී 136
(අවිෂ්ක පෙරේරා 39, රූසර භානුක නොදැවී 35, චමිඳු විජේසිංහ 30)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.