Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල සහ හොරණ ශ්‍රීපාලි විදුහල අතර දිවුලපිටියේදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ තරගයෙන් ලකුණු 18 ක ජයක් අත්කර ගැනීමට නාලන්දා මැදි විදුහල සමත් විය.
එහිදී නාලන්දා මැදි විදුහල වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට ශෂික සමීර සමත් වූ අතර කවිඳු මඳුරංග ලකුණු 38 කට කඩුලු 5 ක් දවාගනිමින් දක්ෂ පන්දුයැවීමක නිරත විය.
නාලන්දා මැදි විදුහල පළමු ඉනිම - ඕවර 46 කදී සියලු දෙනා දැවී 198
(ශෂික සමීර 110, නිමේෂ් ප්‍රභාෂන 36, සදීප දිල්ෂාන් 16/3, සඳරු අබේසිංහ 20/2)
ශ්‍රීපාලි විදුහල පළමු ඉනිම - ඕවර 37.1 කදී සියලු දෙනා දැවී 181
(සුරේෂ් කෞෂාන් 56, සුපුන් ජයසේන 29, කවිඳු මඳුරංග 38/5, නිමේෂ් ප්‍රභාෂන 45/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.