Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) ආරම්භ වූ මොරටුව රන් සටන මහා ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් වේල්ස් කුමර විදුහලේ පළමු ඉනිම ලකුණු 230 කට සීමා කිරීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සමත්විය. ඉනිම නිමාවීමෙන් මොහොතකට පසුව අඳුරු ආලෝක තත්වය හමුවේ අද දිනයේ තරගය එතැන් සිට අත්හිටුවීමට විනිසුරුවෝ තීරණය කළහ.
කාසියේ වාසිය දිනූ ශාන්ත සෙබස්තියන් විදුහල් පිලේ නායක මිෂේන් සිල්වාගේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහරදීමට පිවිසි වේල්ස් කුමර විදුහල් පිල වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වූ නායක විශ්ව චතුරංග ලකුණු 88 ක් රැස්කිරීමට සමත්විය.
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් සිය විදුහල් පිලේ ගෞරවය රැකගැනීමට චතුරංග සමත්වුවත් දිවා ආහාරයෙන් පසුව මැනවින් තරගය මැනවින් පාලනය කළ ශාන්ත සෙබස්තියන් විදුහලේ පන්දු යවන්නෝ ලකුණු 109ක් ඇතුළත වේල්ස් කුමර පන්දු යවන්නෝ ඉතිරි කඩුලු 9 ම දවාලූහ. එහිදී කැපී පෙනුණම පන්දු යවන්නා වූ ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 62 කට කඩුලු 5ක් දවා ගත්තේය.
වේල්ස් කුමාර පළමු ඉනිම - 230යි.
(විශ්ව චතුරංග 88, ඩිලංක මධුරංග 32, සංජය ප්‍රනාන්දු 24, ප්‍රවින් ජයවික්‍රම 62/5, තරූෂ ප්‍රනාන්දු 17/2, නුවනිඳු ප්‍රනාන්දු 39/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.