Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නාමයෝජනාව ප්‍රතික්ෂේප වෙයි

නාමයෝජනාව ප්‍රතික්ෂේප වෙයි

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නිලධාරියකු විසින් ආසියානු බැඞ්මින්ටන් සම්මේලනයට යොමු කරන ලද කළ ශ්‍රී ලංකා කාන්තා බැඞ්මින්ටන් සම්බන්ධීකරණ නිලධාරිනිගේ නම ආසියානු සංගමය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

මැලේසියාවේ පිහිටි ආසියානු බැඞ්මින්ටන් සම්මේලනයේ කාන්තා බැඞ්මින්ටන් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනය සඳහා ශ්‍රී ලංකාවෙන් නිලධාරිනියක් නිර්දේශ කරන ලෙස ඉල්ලා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ නිලධාරියකු යැයි කියන පුද්ගලයකු ඔහුගේ පෞද්ගලික ඊමේල් ගිණුම ඔස්සේ ජාතික ශූරියක් වන චන්ද්‍රිකා ද සිල්වාගේ නම ඒ සඳහා යොමු කර තිබේ.

බැඞ්මින්ටන් නිලවරණයේදීත් නාමයෝජනා ප්‍රතික්ෂේප වූයේ යැයි කියන එම නිලධාරියා කිසිදු ක්‍රමවේදයක් නොමැතිව හිතුමනාපයට අදාළ ක්‍රීඩිකාවගේ නම යොමුකර ඇති බව ද ඇය තවමත් ශ්‍රී ලංකාව නියෝජනය කරන බවද වාර්තා වේ.

ශ්‍රී ලංකාව තුළ ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කළ හිටපු ජාතික ශූරියන් සිටියදී අදාල ක්‍රීඩිකාව නම් කළ ක්‍රමවේදය කුමක්ද යන්න බොහෝ දෙනකු ප්‍රශ්න කරති.  පසුගිය අප්‍රේල් මස 20 වැනිදා සිට ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ පාලනය ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතා නිසි බලධාරියා ලෙස පත්කරමින් බාර දෙන ලදී.

සමන් බණ්ඩාර මහතාගේ පාලනය පවත්වාගෙන යෑමට නිශාන්ත ජයසිංහ, ක්ලැන්ස් සෝමා සහ රොහාන් ද සිල්වා යන මහත්වරු පත්කර ඇති බව වාර්තා වේ.

නාමයෝජනා ප්‍රතික්ෂේප වූ නිලධාරියකු බැඞ්මින්ටන් සංගමයේ කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳවද බොහෝ දෙනකු ප්‍රශ්න කරති.
   

 


අදහස් (0)

නාමයෝජනාව ප්‍රතික්ෂේප වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.