Last Update  :  2025-09-14 23:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නවෝද් දකුණු පළාතට ජය ගෙනෙයි

නවෝද් දකුණු පළාතට ජය ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ .ප්‍රිමා. කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී ඌව පළාත් කණ්ඩායමට එරෙහිව ලකුණු 55 ක ජයක් හිමිකර ගැනීමට දකුණු පළාත් කණ්ඩායම අද (29 වැනිදා) සමත්විය. මෙම තරගය බදුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

පිත්තෙන් දස්කම් දක්වමින් අර්ධ ශතකයක් (79) ලබාගත් නවෝද් පරණවිතාන පන්දුවෙන්ද දස්කම් දක්වමින් ලකුණු 29 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත්විය. සචිර රශ්මිකද (59) අර්ධ ශතකයක් රැස්කරමින් දකුණු පළාත් කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූයේය.

සකුණ නිදර්ෂණ ලකුණු 36 කට කඩුලු 5 ක් සහ රවින්ද්‍ර ශාන් ලකුණු 52 කට කඩුලු 4 ක් දවාගනිමින් ඌව පළාත් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ. තෙවින් අමරසිංහ (නොදැවී 66) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය.


දකුණු පළාත - ඕවර 50 කදී සියලු දෙනා දැවී ලකුණු 255
(නවෝද් පරණවිතාන 79, සචිර රශ්මික 59, ලොහාන් අරෝශ 38, උශාන් තිශාල් 37, සකුණ නිදර්ෂණ 36/5, රවින්ද්‍ර ශාන් 52/4)

ඌව පළාත - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 200
(තෙවින් අමරසිංහ නොදැවී 66, සකුණු නිදර්ශණ 40, නවෝද් පරණවිතාන 29/3, නවිඳු පැහැසර 2942, කසුන් මදුශාන් 28/2)

 


අදහස් (0)

නවෝද් දකුණු පළාතට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.