Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නවසීලන්ත ක්‍රීඩිකාවන්ට අතිරේක ආරක්‍ෂාව

නවසීලන්ත ක්‍රීඩිකාවන්ට අතිරේක ආරක්‍ෂාව

editorial - 2021 සැප් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

21 වැනිදා (වෙලින්ටන්) - ඒ.එෆ්.පී.

මේ වන විට එංගලන්තයේ තරග සංචාරයක නිරත වී සිටින නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්‍ෂාව වැඩි කිරීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. එංගලන්ත ක්‍රිකට් නිලධාරීන්ට ලැබුණු තර්ජනාත්මක විද්යුත් ලිපියක් හේතුවෙන් පූර්වාරක්‍ෂක පියවරක් ලෙසින් නවසීලන්ත ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන තිබේ.

ලෝක ටෙස්ට් ශූරයන් වන නවසීලන්ත පිරිමි ක්‍රිකට් කණ්ඩායම පසුගිය සිකුරාදා හදිසියේම පාකිස්තානයෙන් පිටව ගියේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් පැවැති බව කියමිනි. කෙසේ වෙතත් නවසීලන්ත කාන්තා කණ්ඩායමට ලැබුණේ යයි කියන තර්ජනයේ පදනමක් නැති බවද කියැවේ.

එංගලන්ත කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර තුන්වැනි එක්දින අන්තර්ජාතික තරගය අද (21 වැනිදා) එංගලන්තයේ ලීස්ටර්හිදී පැවැත්වීමට නියමිතය.

පාකිස්තානයේ සිටි නවසීලන්ත ක්‍රීඩකයන් විශේෂ ගුවන් යනයකින් පසුගිය සෙනසුරාදා ඩුබායි බලා පියාසර කළහ. ලබන මාසයේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගවලියට සහභාගි නොවන නවසීලන්ත ක්‍රීඩකයන් නිරෝධායන නියමයන් වලට අනුගත වීමෙන් පසුව නැවතත් නවසීලන්තය බලා පිටත්ව යනු ඇත.

- 213

 


අදහස් (0)

නවසීලන්ත ක්‍රීඩිකාවන්ට අතිරේක ආරක්‍ෂාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.