‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ (2017) 13 වැනි සතිය නිමාවන විට ඡන්ද 85,000 සීමාවද පසුකර යමින් තවදුරටත් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහලේ නවිඳු නිර්මාල් සමත්ව සිටියි. ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 9168 ත් සමගින් මේ වන විට මුලු ඡන්ද 86,585 ක් ලබා සිටින නවිඳු, දෙවැනි ස්ථානයේ පසුවන ක්‍රීඩකයාට වඩා ඡන්ද 16,490 ක් ඉදිරියෙන් සිටියි.
මීගමුව මාරිස්ටෙලා විදුහලේ ලසිත් කෘස්පුල්ලේ ඡන්ද 70,095 ක් ලබා සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටින අතර මරදාන සහිරා විදුහලේ මොහොමඞ් නජත් ඡන්ද 56,556 ක් ලබා එහි තෙවැනි ස්ථානයේ රැදී සිටියි. ගෙවී ගිය සතිය තුළදී සිය ඡන්ද ගොන්නට අලුතින් ඡන්ද 9540 ක් එක්කර ගැනීමට ලසිත් කෘස්පුල්ලේ සමත්ව ඇති අතර මොහොමඞ් නජත්ට ගෙවී ගිය සතිය තුළදී ලබගත හැකිව ඇත්තේ ඡන්ද 2667 ක් පමණි. ඒ අනුව ඔවුන් දෙදෙනා අතර පවතින පරතරය ඡන්ද 13,539 ක් බවට පත්ව තිබේ.
කොළඹ තර්ස්ටන් විදුහලේ චරණ නානායක්කාර සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ සන්තුෂ් ගුණතිලක පිළිවෙළින් ඡන්ද 10,311 ක් සහ 8794 ක් බැගින් ලබා සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ සිවුවැනි සහ පස්වැනි ස්ථාන හිමිකරගෙන සිටිති.
පානදුර ශ්‍රී සුමංගල විදුහලේ පුලිත යසස් ඡන්ද 2409 ක් ලබාගනිමින් නැගී එන කාණ්ඩයේ පෙරමුණ රැකගෙන සිටින අතර පන්නිපිටිය ක්‍රිස්තු රාජ විදුහලේ සහන් පෙරේරා ඡන්ද 199 ක් ලබාගනිමින් එහි දෙවැනි ස්ථානයේ රැදී සිටියි.
තරග ආරම්භයේ සිට මේ දක්වාම අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ ක්‍රීඩකයන් අතර පෙරමුණ ගෙන සිටින ඇලීතියා ජාත්‍යන්තර පාසලේ ශිම්රාස් ශාහිල් ඡන්ද 207 ක් ලබා සිටියි.
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ‘ලංකාදීප’, ‘අද’, ‘ඬේලි මිරර්’ සහ ‘ඬේලි එෆ්.ටී.’ යන දිනපතා පුවත්පත් වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සති අන්ත පුවත්පතේද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන ජූලි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. අන්තර් ජාලය ඔස්සේ මනාප පළකරන්නන්ට ‘අඅඅගාස්කදටගකනරැජරසජනැඑ’ වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා අවස්ථාව උදා කරගත හැකිය.
| සමස්ථ ලංකා පාසල් කාණ්ඩය | ||
| ක්‍රීඩකයා | පාසල | ඡන්ද |
| නවිඳු නිර්මාල් | ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල | 86,585 |
| ලසිත් කෘස්පුල්ලේ | මීගමුව මාරිස්ටෙලා විදුහල | 70,095 |
| මොහොමඞ් නජත් | මරදාන සහිරා විදුහල | 56,556 |
| චරණ නානායක්කාර | කොළඹ තර්ස්ටන් විදුහල | 10,311 |
| සන්තුෂ් ගුණතිලක | බම්බලපිටිය ශාන්ත පීතර විදුහල | 8794 |
| රොමේෂ් නල්ලපෙරුම | ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල | 6404 |
| දිනිත බස්නායක | කොටහේන ශාන්ත බෙනඩික් විදුහල | 5358 |
| හේලිත විතානගේ | කොළඹ රාජකීය විදුහල | 1742 |
| ලක්ෂිණ රොද්‍රිගූ | බම්බලපිටිය ශාන්ත පීතර විදුහල | 1203 |
| මොහොමඞ් රිෆාස් | ජනාධිපති විදුහල | 1101 |
| සහන් සුරවීර | කොළඹ ආනන්ද විදුහල | 677 |
| දිලීප ජයලත් | කොළඹ ආනන්ද විදුහල | 524 |
| නිකේෂ් අංජන | ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල | 495 |
| හරීන් බුද්දිල | ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල | 326 |
| පී. ඒ. ධනංජය | ගාල්ල රිච්මන්ඞ් විදුහල | 287 |
| සම්මු අශාන් | කොළඹ ආනන්ද විදුහල | 213 |
| පසිඳු සූරියබණ්ඩාර | කොළඹ රාජකීය විදුහල | 196 |
| අසේල් සිගේරා | කොළඹ ආනන්ද විදුහල | 175 |
| සංජුල අබේවික්‍රම | කොළඹ ඉසිපතන විදුහල | 157 |
| ජෙහාන් ඩැනියෙල් | මරදාන ශාන්ත ජෝෂප් විදුහල | 117 |
| නැගී එන පාසල් කාණ්ඩය | ||
| ක්‍රීඩකයා | පාසල | ඡන්ද |
| පුලිත යසස් | පානදුර ශ්‍රී සුමංගල විදුහල | 2409 |
| සහන් පෙරේරා | පන්නිපිටිය ක්‍රිස්තු රාජ විදුහල | 199 |
| ඉමේෂ් බස්නායක | ගම්පහ ශාන්ත පීතර විදුහල | 157 |
| ගිම්හාන ධනුෂාන් | පිළියන්දල මැදි විදුහල | 130 |
| නිපුන රංසික | පී. ද එස්. කුලරත්න විදුහල | 98 |
| මෙතුෂාන් තිළිණ | කෑගලු විද්‍යාලය | 83 |
| රවීන් යසස් | රත්ගම දේවපතිරාජ විදුහල | 44 |
| හිරුෂ මෙන්ඩිස් | බලපිටිය ශ්‍රී සිද්ධාර්ථ විදුහල | 32 |
| සුමින්ද ලක්ෂාන් | මෝදර ද ලාසාල් විදුහල | 16 |
| තිසර දිල්ෂාන් | පොළොන්නරුව ජාතික පාසල | 8 |
| ශෘෂී අධිෂ්ඨාන | කුරුණෑගල ශාන්ත බර්නඩෙත් විදුහල | 1 |
| අන්තර් ජාතික පාසල් කාණ්ඩය | ||
| ක්‍රීඩකයා | පාසල | ඡන්ද |
| ශිම්රාස් ශාහිල් | ඇලීතියා ජාත්‍යන්තර පාසල | 207 |
| තාරික් හනීෆ් | විචර්ලි ජාත්‍යන්තර පාසල | 1 |
පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ
1 එස්. එල්. ඒ. නවරත්න, ‘රුවනර’, ඉස්වැටියවත්ත, නාරම්මල
2 ජාලිය රංගජීව, 17/ඒ, මාහේන, උඩතුත්තිරිපිටිය
3 රොහාන් ඇලොසියස්, රාමනාදන් පෙදෙස, දෙහිවල
4 සුවිනීතා සේනාධීර, 14, වෑවල පල්ලිය පාර, වැලිගම්පිටිය, ජා ඇල
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.