Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නවිඳු නිර්මාල් පෙරමුණ තහවුරු කරගනී

නවිඳු නිර්මාල් පෙරමුණ තහවුරු කරගනී

සංජය එරමුදුගොඩ - 2017 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩයලොග් 4G - සන්ඩේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ (2017) හත්වැනි සතිය නිමාවන විට ඡන්ද 37,394 ක් ලබා ගනිමින් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහලේ නවිඳු නිර්මාල් සමත්ව සිටියි. ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 22,550 ත් සමගින් නවිඳු නිර්මාල් පෙරමුණේ ස්ථානය තහවුරු කරගැනීමට සමත්ව තිබේ.

සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන මරදාන සහිරා විදුහලේ මොහොමඞ් නජාත්, මේ වන විට ඡන්ද 30,253 ක් ලබා සිටින අතර ගෙවී ගිය සතිය තුළදී ඔහු සිය ඡන්ද ගොන්නට අලුතින් එක්කරගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 16,950 කි. ඒ අනුව ඡන්ද සටහනේ පෙරමුණේ පසුවන නවිඳු සහ දෙවැනි ස්ථානයේ පසුවන නජත් අතර ඇති පරතරය ඡන්ද 7,141 කි.

ඉකුත් සතිය අවසානයේදී සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසු වූ කොළඹ තර්ස්ටන් විදුහලේ චරන නානායක්කාර (ඡන්ද 9,631) එම කාණ්ඩයේ සිව්වැනි ස්ථානය දක්වා පහළට ඇද දමමින් තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට මීගමුව මාරිස්ටෙලා විදුහලේ ලසිත් කෘස්පුල්ලේ (ඡන්ද 19,364) සමත්ව තිබේ. ගෙවී ගිය සතිය තුළදී ලසිත් කෘස්පුල්ලේ ඡන්ද 11,328 ක් ලබාගෙන ඇති අතර චරන නානායක්කාර ලබාගෙන ඇත්තේ ඡන්ද 969 ක් පමණි.

බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ සන්තුෂ් ගුණතිලක සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ රොමේෂ් නල්ලපෙරුම පිළිවෙළින් ඡන්ද 7,467 ක් සහ 6,317 ක් බැගින් ලබා සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පස්වැනි සහ හයවැනි ස්ථාන හිමිකරගෙන සිටිති.

පානදුර ශ්‍රී සුමංගල විදුහලේ පුලිත යසස් ඡන්ද 1,490 ක් ලබාගනිමින් තවදුරටත් නැගී එන කාණ්ඩයේ පෙරමුණ රැකගෙන සිටින අතර පිළියන්දල මැදි විදුහලේ ගිම්හාන ධනුෂාන් ඡන්ද 44 ක් ලබාගනිමින් එහි දෙවැනි ස්ථානයේ රැදී සිටියි.

හයවැනි සතිය නිමා වන විටත් අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ ක්‍රීඩකයන් අතුරින් ඡන්ද ලබාගැනීමට සමත් වී ඇත්තේ ඇලීතියා ජාත්‍යන්තර පාසලේ ශිම්රාස් ශාහිල් (ඡන්ද 48) පමණි.

මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ‘ලංකාදීප’, ‘අද’, ‘ඬේලි මිරර්’ සහ ‘ඬේලි එෆ්ටී’ යන දිනපතා පුවත්පත් වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සති අන්ත පුවත්පතේද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන ජූලි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. අන්තර් ජාලය ඔස්සේ මනාප පළකරන්නන්ට www.dialog.lk/cricket’  වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා අවස්ථාව උදා කරගත හැකිය.

 

සමස්ථ ලංකා පාසල් කාණ්ඩය 
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
නවිඳු නිර්මාල්  ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල  37,394
මොහොමඞ් නජත්  මරදාන සහිරා විදුහල  30,253
ලසිත් කෘස්පුල්ලේ මීගමුව මාරිස්ටෙලා විදුහල 19,364
චරණ නානායක්කාර  කොළඹ තර්ස්ටන් විදුහල 9,631
සන්තුෂ් ගුණතිලක  බම්බලපිටිය ශාන්ත පීතර විදුහල  7,467
රොමේෂ් නල්ලපෙරුම  ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල  6,317
දිනිත බස්නායක  කොටහේන ශාන්ත බෙනඩික් විදුහල  3,722
හේලිත විතානගේ  කොළඹ රාජකීය විදුහල 1,283
ලක්ෂිණ රොද්‍රිගූ  බම්බලපිටිය ශාන්ත පීතර විදුහල  983
සහන් සුරවීර  කොළඹ ආනන්ද විදුහල  632
දිලීප ජයලත්  කොළඹ ආනන්ද විදුහල  447
මොහොමඞ් රිෆාස්  ජනාධිපති විදුහල  333
පී. ඒ. ධනංජය  ගාල්ල රිච්මන්ඞ් විදුහල  275
නිකේෂ් අංජන  ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල 184
සම්මු අශාන්  කොළඹ ආනන්ද විදුහල  179
හරීන් බුද්දිල  ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල 156
අසේල් සිගේරා කොළඹ ආනන්ද විදුහල 147
ජෙහාන් ඩැනියෙල්  මරදාන ශාන්ත ජෝෂප් විදුහල  67
නවීන් ගුණවර්ධන  කොළඹ තර්ස්ටන් විදුහල  48
අවිෂ්ක පෙරේරා  කොළඹ නාලන්දා විදුහල 42
පසිඳු සූරියබණ්ඩාර  කොළඹ රාජකීය විදුහල  29
දිනෙත් මඳුරවෙල  මරදාන ශාන්ත ජෝෂප් විදුහල 25
සංජුල අබේවික්‍රම  කොළඹ ඉසිපතන විදුහල 25
තිළිණ පෙරේරා  කොළඹ වෙස්ලි විදුහල  24
ශනොගීත් ශන්මුගනාදන්  මහනුවර ත්‍රිත්ව විදුහල  23
ශාලිත ප්‍රනාන්දු  වත්තල ශාන්ත අන්තෝනි විදුහල  17
පැතුම් නිස්සංක  කොළඹ ඉසිපතන විදුහල  14
තිළිණ නිමේෂ්  මොරටුව වේල්ස් කුමර විදුහල  9
කවිඳු ගිම්හාන  කොළඹ ආනන්ද විදුහල 8
අවිෂ්ක ප්‍රනාන්දු  මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල  8
ලසිත් උඩගේ  ශාන්ත මරියා විදුහල  2
නැගී එන පාසල් කාණ්ඩය
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
පුලිත යසස්  පානදුර ශ්‍රී සුමංගල විදුහල  1,490
ගිම්හාන ධනුෂාන්  පිළියන්දල මැදි විදුහල 44
නිපුන රංසික පී. ද එස්. කුලරත්න විදුහල  31
රවීන් යසස්  රත්ගම දේවපතිරාජ විදුහල 30
මෙතුෂාන් තිළිණ  කෑගලු විද්‍යාලය  30
හිරුෂ මෙන්ඩිස්  බලපිටිය ශ්‍රී සිද්ධාර්ථ විදුහල  27
සුමින්ද ලක්ෂාන්  මෝදර ද ලාසාල් විදුහල 16
සහන් පෙරේරා  පන්නිපිටිය ක්‍රිස්තු රාජ විදුහල  9
තිසර දිල්ෂාන්  පොළොන්නරුව ජාතික පාසල  3
ශෘෂී අධිෂ්ඨාන  කුරුණෑගල ශාන්ත බර්නඩෙත් විදුහල  1
අන්තර් ජාතික පාසල් කාණ්ඩය
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
ශිම්රාස් ශාහිල්   ඇලීතියා ජාත්‍යන්තර පාසල   48

 

පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ

1 නිමල් විජයගුණසිරි, 61/65, අඹවත්ත පාර, අබේරත්ම මාවත, බොරලැස්ගමුව
2 ආසිෆ් ඉසඩීන්, 6, පාර්ක් ටෙරන්ස්, සත්වෝද්‍යාන මාවත, දෙහිවල
3 තමාලි උඩකන්දගේ, 342 සී, මහවත්ත පාර, හිඹුටාන, මුල්ලේරියාව නව නගරය
4 ලේඛා රණසිංහ, 233 ඩී, දාම්පේ, මීගොඩ

 

- 036


අදහස් (0)

නවිඳු නිර්මාල් පෙරමුණ තහවුරු කරගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.