Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නගර 10 ක පාපන්දු ක්‍රීඩාංගණ 10 ක්

නගර 10 ක පාපන්දු ක්‍රීඩාංගණ 10 ක්

editorial - 2022 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හා ක්‍රීඩා අමාත්‍යංශයේ සහයෝගය ලබාගනිමින් තෝරාගත් ප්‍රදේශ කීපයක දී අලුතින් අංගසම්පූර්ණ පාපන්දු ක්‍රීඩාංගණ 10ක් ඉදිකිරීම සඳහා  පියවර ගන්නා  බව පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වාර් උමාර් මහතා පවසයි.

සුගතදාස ක්‍රීඩා සංකීර්ණයට අයත් එළිමහන් ක්‍රීඩාංගණයේ පාලනය පාපන්දු ආයතනයට බාරදීමටද අගමැති මහින්ද රාජපක්ෂ මහතා එකඟතාවය පළකර තිබේ. ඒ පසුගිය නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ දෙදින සංචාරයකට එක්වූ අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ගියානි ඉම්ෆැන්ටිනෝ මහතා අරලියගහ මන්දිරයේ පැවැති පිළිගැනීමේ උත්සවයකට සහභාගි වූ අවස්ථාවකදීය.   කෙසේ වුවත් ඒ සම්බන්ධයෙන් පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා පැවැසුවේ සුගතදාස ක්‍රීඩාංගණය බාර ගැනීමට වඩා අංගසම්පූර්ණ පාපන්දු ක්‍රීඩාංගණයක් කොළඹ හෝ ඒ අවටින් ඉදිකර ගැනීමට පාපන්දු ආයතනය වඩාත් උනන්දුවෙන් පසුවන බවයි.

යාපනය අරියාලේ’ පැවැති මාධ්‍ය හමුවක දී පැවැසුවේ බෙලිඅත්ත ඩී.ඒ. රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය වසර 33ක බදු ගිවිසුමක් යටතේ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයට පවරා දීමට ක්‍රීඩා ඇමැතිවරයා එකඟතාවය පළකර තිබෙන බවයි.

මීටර 400ක ධාවන පථයකින් සමන්විත එළිමහන් ක්‍රීඩාංගණය ගෘහස්ථ ක්‍රීඩාංගණය පිහිනුම් තටාකය හා නේවාසිකාගාර පද්ධතියකින් මූලික වශයෙන් සමන්විත මෙම ක්‍රීඩාංගණයේ දී වසර 2008 ජාතික මහ ක්‍රීඩා උළෙල පැවැත්විණි. ඒ හැරෙන්නට දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයට අයත් භූමි භාගයෙන් පාපන්දු ක්‍රීඩාංගණයක් ඉදි කිරීම සඳහා අක්කර හයක ඉඩමක් ලබාදීමට ද ක්‍රීඩා අමාත්‍යංශය එකඟතාවය පළකර තිබේ.


අදහස් (0)

නගර 10 ක පාපන්දු ක්‍රීඩාංගණ 10 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.