Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නිල් මහ සටන ජය පැරදුමෙන් තොරයි

නිල් මහ සටන ජය පැරදුමෙන් තොරයි

රොෂාන් ගුණරත්න - 2017 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකිය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැති 138 වැනි නිල් මහ සටන මහා ක්‍රිකට් තරගය අද (11 වැනිදා) ජය පරාජයෙන් තොරව අවසන් විය.


සාන්ත තෝමස් විදුහලට වඩා ලකුණු 102 ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ රාජකීය විදුහල තරගය නතර කරන විට කඩුලු 8 ක් දැවී ලකුණු 154 ක් ලබා සිටියේය.


තරගයේ දෙවැනි දිනය වූ ඊයේ පස්වරු අයහපත් කාලගුණය නිසා තරගය නවත්වද්දී කඩුලු 4 ක් දැවී ලකුණු 255 ක් ලබා රාජකීය විදුහලේ පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව සමකර තිබූ ශාන්ත තෝමස් විදුහල නායක නල්ලප්පෙරුම විසින් ලකුණු 300න් ඔබ්බට තල්ලු කරගෙන යනු ලැබුවේ තනි අතිනි.


ඔහු සමග එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 91 ක අගනා සම්බන්ධතාවක් ගොඩ නැගූ සිතාර හපුහින්න අද උදෑසන ලකුණු 59 කට දැවී යාමෙන් පසුව හුදෙකලා සටනක නිරත වූ නායක නල්ලප්පෙරුම පිටිය වර්ණවත් කරමින් ශාන්ත තෝමසුවන්ගේ බලාපොරොත්තු ඉහළ දැමුවේය.


ස්වර්ණමය ශතකයකට ලකුණු 8 ක් එපිටින් සිටියදී ශාන්ත තෝමස් කණ්ඩායමේ නායකයා දැවී ගියේ රාජකීය විදුහලේ නායක හේලිත විතානගේ යැවූ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනි.


රාජකිය විදුහල පළමු ඉනිම - සියලු දෙනා දැවී 255
(හිමේෂ් රාමානායක 41, රොනුක ජයවර්ධන 32, ගනිත් සංදීප 42, පසිඳු සූරියබණ්ඩාර 35, කවිඳු මදරසිංහ 38, තෙවිඳු සේනාරත්න 19, කළණ පෙරේරා 47/5, පවිත් රත්නායක 69/2)


සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 357
(රවිඳු කොඩිතුවක්කු 98, දුලිත් ගුණරත්න 35, සිතාර හපුහින්න 59, රොමේෂ් නල්ලප්පෙරුම 92, හිමේෂ් රාමනායක 103/4, හේලිත විතානගේ 81/2, මංජුල පෙරේරා 56/2)


රාජකීය විදුහල දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී 154
(තෙවිඳු සේනාරත්න 50, අහන් වික්‍රමසිංහ 31, තෙවින් ඊරියගම 46/3, පවිත් රත්නායක 11/2)

 


අදහස් (0)

නිල් මහ සටන ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.