මලයාසියාවේ ක්වාලාලාම්පූර් නගරයේදී පැවැත්වෙන 12 වැනි ලෝක වූෂු තරගාවලියේ සන්දා අංශයෙන් කිලෝ ග‍්‍රෑම් 56 බර පංතියේ අර්ධ අවසන් පූර්ව වටයට සුසුදුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා වූෂු කී‍්‍රඩිකා එන්. ඒ. නිලන්ති නිරෝෂිකා ඊයේ (2 වැනිදා) සමත්වූවාය.
පළමු වටයේ පැවති තරගයකින් ඕස්ටේ‍්‍රලියාවේ ඇලීෂියා යී තරග වට 2 - 0 ක් ලෙස පරාජය කරමින් ඇය අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි අතර ඇය අර්ධ අවසන් පූර්ව වටයේදී ඉතාලි කී‍්‍රඩිකාවක සමග තරග තරගවැදීමට නියමිතය. නිලන්ති සහභාගීවන අර්ධ අවසන් පූර්ව තරගයද අද (3 වැනිදා) පස්වරුවේ පැවැත්වේ.
අර්ධ අවසන් පූර්ව තරගය ජයග‍්‍රහණය කළහොත් ඇයට පදක්කමක් ලබාගැනීමේ අවස්ථාව හිමිවන්නේ වුෂූ ශූරතාවලියක අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වූවද සෑම කී‍්‍රඩකයකුට සහ කී‍්‍රඩිකාවකටම ලෝකඩ පදක්කමක් හිමිවන බැවිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.