Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නිර්මල - ප‍්‍රවීනා ශූරතා දිනති

නිර්මල - ප‍්‍රවීනා ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර දිස්ති‍්‍රක් මේසපන්දු සංගමය 2 වැනි වරටත් සංවිධානය කළ මධ්‍යම පළාත් මේසපන්දු තරගාවලියේ විවෘත පිරිමි සහ කාන්තා ශූරතා දිනාගැනීමට නිර්මල ජයසිංහ සහ ප‍්‍රවීනා සිල්වා සමත්වූහ.

විවෘත පිරිමි අවසන් තරගයේදී වයස 18 න් පහළ වයස් කාණ්ඩයේ ශූරතාව දිනාගත් මහනුවර විද්‍යාර්ථ විදුහලේ චින්තක ඒකනායක පරාජය කරමින් මාස් හෝල්ඩිංග්ස් කී‍්‍රඩා සමාජය නියෝජනය කළ නිර්මල ජයසිංහ ශූරතාව දිනාගත්තේය.

විවෘත කාන්තා ශූරතාව දිනාගැනීමට මහනුවර උසස් බාලිකා විදුහලේ ප‍්‍රවීනා සිල්වා සමත් වූයේ අවසන් තරගයේදී වයස 15 න් පහළ වයස් කාණ්ඩයේ ශූරිය වූ මහනුවර මහාමායා විදුහලේ සමාධි හෙට්ටිආරච්චි පරාජය කරමිනි.

වයස 18 න් පහළ බාලක ශූරතාව දිනාගැනීමට මහනුවර විද්‍යාර්ථ විදුහලේ චින්තක ඒකනායක සමත්වූ අතර 18 පහළ බාලිකා ශූරතාව දිනාගැනීමට සමත්වූයේ මහනුවර උසස් බාලිකා විදුහලේ ප‍්‍රවීනා සිල්වාය.

තරගාවලියේ නැගී එන කී‍්‍රඩකයා ලෙස වයස 10 න් පහළ ශූරතාව දිනාගත් මහනුවර කිංග්ස්වුඞ් විදුහලේ කේ. ආර්. එම්. රෂීඞ්ද, නැගී එන කී‍්‍රඩිකාව ලෙස වයස 8 න් පහළ ශූරතාව දිනාගත් මහනුවර උසස් බාලිකා විදුහලේ දිමංගි රාමනායකද සම්මාන දිනාගත්හ.

ජගත් රාජපක්ෂ මේසපන්දු කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා පාසල් 30 ක් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 350 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වූහ. මහනුවර දිස්ති‍්‍රක් මේසපන්දු සංගමයේ සභාපති අනුරාධ ජයරත්න මහතා තරගාවලියේ ජය සංඛේත ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී විය.


තරග ප‍්‍රතිඵල (බාලක)

වයස 8 න් පහළ
විහඟ ගිම්හාන (මහනුවර ධර්මරාජ විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස වරුණ අබේරත්න (මහනුවර ධර්මරාජ විදුහල) පරාජය කරන ලදි. (12/10, 11/6)
 
වයස 10 න් පහළ
කේ. ආර්. එම්. රෂීඞ් (මහනුවර කිංග්ස්වුඞ් විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස එච්. අයි. රුද්‍රිගූ (මහනුවර ධර්මරාජ විදුහල) පරාජය කරන ලදි. (11/9,  11/7)

වයස 12 න් පහළ
චන්දුප අලහකෝන් (මහනුවර කිංග්ස්වුඞ් විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස සවින්ද තෙන්නකෝන් (මහනුවර ධර්මරාජ විදුහල) පරාජය කරන ලදි. (11/8, 11/7, 11/13, 11/9)

වයස 15 න් පහළ
චතුර ගුණසේකර (සසෙක්ස් විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස සවිඳු ජයසේකර (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි. (11/4, 12/14, 11/9, 11/8)

වයස 18 න් පහළ
චින්තක ඒකනායක (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස පී. සී. පී. තෙන්නකෝන් (මහනුවර ධර්මරාජ විදුහල) පරාජය කරන ලදි. (11/8, 11/8, 11/8)

විවෘත පිරිමි
නිර්මල ජයසිංහ (මාස් හෝල්ඩිංස්) විසින් තරග වට 3-1 ක් ලෙස චින්තක ඒකනායක (මහනුවර විද්‍යාර්ථ විදුහල* පරාජය කරන ලදි. (7/11, 11/5, 11/9, 11/7)


තරග ප‍්‍රතිඵල (බාලිකා)

වයස 8 න් පහළ
දිමංගි රාමනායක (මහනුවර උසස් බාලිකා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස සවිනි රත්වත්තේ (මහනුවර උසස් බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/6, 11/8)
 
වයස 10 න් පහළ

කවිනි මලල්පොළ (හිල්වුඞ් විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස චනරා සෙනෙවිරත්න (මහනුවර මහාමායා විදුහල) පරාජය කරන ලදි. (12/10, 11/7)
 
වයස 12 න් පහළ
පූජානි විතාරච්චි (මහනුවර යහපත් එඬේරාගේ කන්‍යාරාමය) විසින් තරග වට 3-0 ක් ලෙස දිනිති දිසානායක (මහනුවර මහාමායා විදුහල) පරාජය කරන ලදි. (13/11, 11/9, 11/3)

වයස 15 න් පහළ
සමාධි හෙට්ටිආරච්චි (මහනුවර මහාමායා විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස තනුෂි රුද්‍රිගූ (මහනුවර මහාමායා විදුහල) පරාජය කරන ලදි. (11/5, 11/6, 6/11, 7/11, 12/10)

වයස 18 න් පහළ
ප‍්‍රවීනා සිල්වා (මහනුවර උසස් බාලිකා විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස  ඕචිනි දිසානායක (මහනුවර හිල්වුඞ් විදුහල) පරාජය කරන ලදි. (11/9, 5/11, 11/3, 15/13)

විවෘත කාන්තා
ප‍්‍රවීනා සිල්වා (මහනුවර උසස් බාලිකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස සමාධි හෙට්ටිආරච්චි (මහනුවර මහාමායා විදුහල) පරාජය කරන ලදි. (11/6, 11/2, 11/9)

 


අදහස් (0)

නිර්මල - ප‍්‍රවීනා ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.