Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නිමේෂ් - පවිත‍්‍රා ආධුනික ශූරතා දිනති

නිමේෂ් - පවිත‍්‍රා ආධුනික ශූරතා දිනති

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සමනළ කී‍්‍රඩා සමාජය සංවිධානය කළ ආධුනික සහ අතරමැදි කේවල මේසපන්දු තරගාවලියේ ආධුනික අංශයේ ශූරතා දිනාගැනීමට නිමේෂ් රංචාගොඩ සහ පවිත‍්‍රා ජයසුන්දර සමත්වූහ. අතරමැදි අංශයේ ශූරතා දිනාගැනීමට හසිත සමින්ද සහ තනුෂි රුද්‍රිගූ සමත්වූහ.

ගස්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ පැවති මෙම තරගාවලියේ පිරිමි ආධුනික අවසන් තරගයේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ එස්. ඞී. දුෂ්මන්ත පරාජය කරමින් කොළඹ රාජකීය විදුහලේ නිමේෂ් රංචාගොඩ ශූරතාව දිනාගත්තේය.

කාන්තා ආධුනික ශූරතාව දිනාගැනීමට කොළඹ විශ්ව විද්‍යාලයේ පවිත‍්‍රා ජයසුන්දර සමත්වූ වූයේ එහි අවසන් තරගයේදී මහනුවර මහාමායා විදුහලේ තනුෂි රුද්‍රිගූ පරාජය කරමිනි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ එම්. බී. ජී. ද සිල්වා අතරමැදි අවසන් මහ තරගයේදී පරාජයට පත් කළ කොළඹ රාජකීය විදුහලේ හසිත සුමින්ද එහි ශූරතාව දිනාගැනීමට සමත්විය.

කාන්තා ආධුනික අවසන් මහ තරගයේදී කොළඹ විශ්ව විද්‍යාලයේ පවිත‍්‍රා ජයසුන්දර හමුවේ පරාජයට පත්වූ මහනුවර මහාමායා විදුහලේ තනුෂි රුද්‍රිගූ, අතරමැදි අවසන් මහ තරගයේදී පවිත‍්‍රා ජයසුන්දරවම පරාජයට පත් කරමින් එහි ශූරතාව දිනාගත්තාය.

තරගාවලියේ වයස 18 න් පහළ බාලක ශූරතාව දිනාගැනීමට මහනුවර ශාන්ත අන්තෝනි විදුහලේ තිමෝති ශෙහාන් සමත්වූ අතර 18 පහළ බාලිකා ශූරතාව දිනාගැනීමට කොළඹ කාන්තා විදුහලේ අනුෂ්කා ද සිල්වා සමත්වූවාය.

තරග ප‍්‍රතිඵල

වයස 8 න් පහළ (බාලක)
රවිශිත අයේෂ්මන්ත (කෑගල්ල ශාන්ත මරියා විදුහල) විසින් වරුණ ලක්ෂාන් (මහනුවර ධර්මරාජ විදුහල) පරාජය කරන ලදි.

වයස 10 න් පහළ (බාලක)
රසික ගුණසේකර (මහනුවර සසෙක්ස් විදුහල) විසින් තුමාල් අධිකාරි  (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි.

වයස 12 න් පහළ (බාලක)
චමිඳු බන්ඩාර (මහනුවර ති‍්‍රත්ව විදුහල) විසින් ලහිරු දිසානායක (කෑගලූ විදුහල) පරාජය කරන ලදි.

වයස 15 න් පහළ (බාලක)
චතුර ප‍්‍රමෝද්‍ය (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් ශානක සමරසේන (වත්තල ලයිසියම් විදුහල) පරාජය කරන ලදි.

වයස 18 න් පහළ (බාලක)
තිමෝති ශෙහාන් (මහනුවර ශාන්ත අන්තෝනි විදුහල) විසින් හසිත සුමින්ද (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි.

ආධුනික පිරිමි
නිමේෂ් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) විසින් එස්. ඞී. දුෂ්මන්ත (යුද හමුදාව) පරාජය කරන ලදි.

අතරමැදි පිරිමි
හසිත සුමින්ද (කොළඹ රාජකීය විදුහල) විසින් එම්. බී. ජී. ද සිල්වා (යුද හමුදාව) පරාජය කරන ලදි.

ප‍්‍රවීන (වයස 40 ට වැඩි) පිරිමි
එම්. එස්. ඒ. එම්. මුෆාරත් විසින් සරත් රත්වත්තේ පරාජය කරන ලදි.

 

වයස 8 න් පහළ (බාලිකා)
මෙහන්සා මනුත්මි (ජනාධිපති විදුහල) විසින් දිමගි රාමනායක (මහනුවර ධර්මරාජ විදුහල) පරාජය කරන ලදි.

වයස 10 න් පහළ (බාලිකා)
කවිනි මලල්පොළ (මහනුවර හිල්වුඞ් විදුහල) විසින් හේෂි ජයලත් (ප‍්‍රජාපති විදුහල) පරාජය කරන ලදි.

වයස 12 න් පහළ (බාලිකා)
බිමන්දි බණ්ඩාර (කෑගල්ල සසෙක්ස් විදුහල) විසින් චෙහානා රවින්දි (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි.

වයස 15 න් පහළ (බාලිකා)
අනුෂ්කා ද සිල්වා (කොළඹ කාන්තා විදුහල) විසින් සඳුනිකා හෙට්ටිආරච්චි (මහනුවර උසස් බාලිකා විදුහල) පරාජය කරන ලදි.

වයස 18 න් පහළ (බාලිකා)
අනුෂ්කාද සිල්වා (කොළඹ කාන්තා විදුහල) විසින් සානයා බුද්ධදාස (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි.

ආධුනික කාන්තා
පවිත‍්‍රා ජයසුන්දර (කොළඹ විශ්ව විද්‍යාලය) විසින් තනුෂී රුද්‍රිගූ (මහනුවර මහාමයා විදුහල) පරාජය කරන ලදි.

අතරමැදි කාන්තා
තනුෂී රුද්‍රිගූ (මහනුවර මහාමයා විදුහල) විසින් පවිත‍්‍රා ජයසුන්දර (කොළඹ විශ්ව විද්‍යාලය) පරාජය කරන ලදි.


අදහස් (0)

නිමේෂ් - පවිත‍්‍රා ආධුනික ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.