Last Update  :  2025-12-29 15:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ධර්මාලෝකයට කඩුලූ 4 ක ජයක්

ධර්මාලෝකයට කඩුලූ 4 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ කැලණිය ධර්මාලෝක විදුහල සහ කොළඹ අශෝක විදුහල අතර පැවති තරගයෙන් කඩුලූ 4 ක ජයක් වාර්තා කිරීමට ධර්මාලෝක විදුහල සමත් විය. තරගය ඊයේ සහ අද (26-27) කොස්වත්තේදී පැවැත්විණ.

ධර්මාලෝක විදුහලේ නිශාන් හසරැල් ලකුණු 39 කට කඩුලූ 6 ක් දවාගනිමින් අශෝක විදුහලේ පළමු ඉනිම ලකුණු 143 කට සීමාකළේය.

මලිඳු මධුරංග අශෝක විදුහලේ පළමු ඉනිමේදී ලකුණු 50 ක් රැස්කරමින් සහ සමස්ත තරගයේදීම ලකුණු 55 කට කඩුලූ 8 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීමට සමත් විය.

අශෝක විදුහල පළමු ඉනිම -  ඕවර 43 කදී සියලූ දෙනාම දැවී 147
(මලිඳු මධුරංග 50, දිෂාන් පොන්නම්පෙරුම 22, නිශාන් හසරැල් 39/6)

ධර්මාලෝක විදුහල පළමු ඉනිම -  ඕවර 47 කදී  සියලූ දෙනාම දැවී 183
(පුන්සර විමලගුණවර්ධන 67, තරිඳු ද සිල්වා 33, ගිහාන් ජයසූරිය නොදැවී 22, මලිඳු මධුරංග 23/5, මලිඳු දිසානායක 82/3)

අශෝක විදුහල දෙවැනි ඉනිම -  ඕවර 40.5 කදී සියලූ දෙනාම දැවී 113
(දුලිත් මානිකමාල් නොදැවී 29, තරිඳු ද සිල්වා 38/5, පුන්සර විමලගුණවර්ධන 9/2)

ධර්මාලෝක විදුහල දෙවැනි ඉනිම -  ඕවර 21.5 කදී  කඩුලූ 6 කට 80
(ලක්ෂිත සඳරුවන් 18, රිසිත් ඩයස් 14, රවිඳු ප‍්‍රමුදිත 17/3, මලිඳු මධුරංග 32/2)

-036

 


අදහස් (0)

ධර්මාලෝකයට කඩුලූ 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.