(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේදී තම දෙවැනි ශතකය ලබාගැනීමට පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ නිසලිත සන්දිව් සමත්විය. තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
වීරකැටිය මණ්ඩාඩුව ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයට එරෙහිව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 404 ක් රැස් කළේය. එහිදී පිත්තෙන් දස්කම් දැක්වූ නිසලිත සන්දිව් නොදැවී ලකුණු 126 ක් රැස් කළේය.
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ නුලාන් සෙනෙවිරත්න තුන් ඉරියව් දස්කම් දැක්වීය.
නුලාන් සෙනෙවිරත්න ලකුණු 49 කට කඩුලු 5 ක් දවාලූ අතර, ලකුණු 63 ක් ද ලබාගත්තේය. ධර්මපාලයේ මෙනුෂ පබසර ඉනිම දෙකේදීම කඩුලු 8 ක් දවාගත්තේය.
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය: පළමු ඉනිම - කඩුලු 5 ට 404 යි
(නිසලිත සන්දිව් නොදැවී 126, බිසර අංජන 85, නුලාන් සෙනෙවිරත්න 68, සිතික කටුගම්පොල 43, සනුග දුල්මික නොදැවී 42, යොමාල් ඩැනියෙල් 20, ජනිෂ් ඉරන්ත 59/2, ලිදුල නුවාංග 100/2)
ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය - පළමු ඉනිම 114 යි
(පසන් මධුශංක 46, ලිදුල නුවංග 22, මෙනූෂ පබසර 29/5, සනුග දුල්මික 15/3, නුලාන් සෙනෙවිරත්න 35/2)
ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය - දෙවැනි ඉනිම කඩුලු 9 ට 152 යි
ලිදුල නුවංග 50, තුරුණු තේෂාන් 36, නවෝද් ගවිෂ්ත 27, නුලාන් සෙනෙවිරත්න 49/5, මෙනුෂ පබසර 59/3)

නුලාන් සෙනෙවිරත්න

මෙනුෂ පබසර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.