Last Update  :  2025-07-29 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දුෂේන්ගෙන් ලකුණු 08 ට කඩුලු 5 ක්
17න් පහළ I කොටසේ ක්‍රිකට්

දුෂේන්ගෙන් ලකුණු 08 ට කඩුලු 5 ක්

editorial - 2025 ජුලි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වටයට අපරාජිතව සුදුසුකම් ලැබීමට පසුගිය වර ශූරයන් වූ කොළඹ රාජකීය විද්‍යාලය  සමත්විය.

කොළඹ රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි වටයේ තරගයකදී කොළඹ රාජකීය විද්‍යාලය විසින් කළුතර සිරිකුරුස විද්‍යාලයට එරෙහිව කඩුලු 7ක ජයක් වාර්තා කරන ලදි. මෙම තරගයේදි රාජකීය පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ දුෂේන් උඩවෙල ලකුණු 08 කට කඩුලු 5 ක් දවාලීය.


කළුතර සිරිකුරුස විද්‍යාලය - ඕවර 37.2 කදී සියලු දෙනා දැවී 85 යි 
(දුෂේන් උඩවෙල 08/5, තෙවිඳු වේවැල්වල 00/2)

කොළඹ රාජකීය විද්‍යාලය - ඕවර 11 කදී කඩුලු 3 ක් දැවී 87 යි
(රෙහාන් පීරිස් 38, සන්විදු අබේවර්ධන නොදැවී 19)

 


අදහස් (0)

දුෂේන්ගෙන් ලකුණු 08 ට කඩුලු 5 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.