Last Update  :  2024-04-26 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දුල්මින්ට රන් පදක්කම් අටක්

දුල්මින්ට රන් පදක්කම් අටක්

editorial - 2022 ඔක් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දියගම ‘මහින්ද රාජපක්ෂ’ ක්‍රීඩාංගණයේ දී පැවැති ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා (ජ්‍යෙෂ්ඨ) තරගාවලියේ දී මීටර් 100 (බාලක) වයස 16න් පහළ ඉසව්වේ රන් පදක්කම  දිනාගැනීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ කෙනල් දුල්මින් සමත් විය.

මෙම තරගාවලියේ  සමස්ත  බාලක  ශූරතාව  පළමු වතාවට ජාත්‍යන්තර පාසලකට හිමිකර දෙමින් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල දිනාගැනීම කැපී පෙනුණි. ඒ සඳහා දායක වූ ක්‍රීඩකයකු වන  දුල්මින් මීට පෙර සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා  තරගාවලි ගණනාවකදීම රන් පදක්කම් ඇතුළුව පදක්කම් රැසක් දිනාගත්තෙකි.

වසර 2019 සිට ඔහු ශ්‍රීමත් ජෝන් ටාබට්, ජාත්‍යන්තර පාසල් බස්නාහිර වයස් කාණ්ඩ ඇතුළු මෙරට  ප්‍රධානතම මලල ක්‍රීඩා තරගාවලි ගණනාවක දී නව වාර්තා පිහිටුවමින් දිනා ඇති රන් පදක්කම් ගණන පමණක් අටකි.

- 223


අදහස් (0)

දුල්මින්ට රන් පදක්කම් අටක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.