Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දීප්ති ඉවතට - හයිසින්ත් ඇතුළට

දීප්ති ඉවතට - හයිසින්ත් ඇතුළට

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික දැල්පන්දු කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකාරිනිය ලෙස මෙතෙක් කටයුතු කළ දීප්ති අල්විස් මහත්මිය ඉවත් කර එම ධුරයට  හයිසින්ත් විජේසිංහ මහත්මිය පත් කර ඇතැයි වාර්තාවේ.

ක‍්‍රීඩා අමාත්‍යාංශයේ බලධාරීන් සමග සාකච්ඡ කිරීමෙන් පසු දීප්ති අල්විස් මහත්මිය ඉවත් කිරීමට දැල්පන්දු අතුරු කමිටුව තීරණය කර තිබේ.

ඒ සමගම ජාතික දැල්පන්දු සංචිතයේ පුහුණුවීම් මෙහෙයවීමට ජාතික දැල්පන්දු පිලේ හිටපු පුහුණුකාරිනියක් වන හයිසින්ත් විජේසිංහ මහත්මිය කැඳවීමට තීරණය කළ බවද දැල්පන්දු අතුරු කමිටු ආරංචි මාර්ග තහවුරු කරයි.

කෙසේ වෙතත් මේ වනවිට ජාතික දැල්පන්දු පුහුණුකරු ධුරය දරමින් සිටි දීප්ති අල්විස් මහත්මියගේ පත්වීම ලබන නොවැම්බර් මාසය දක්වා බල පැවැත්වෙන බැවින් ඇයගේ ඉවත් කිරීම ක්‍ෂේත‍්‍රයේ දැඩි කතාබහකට ලක්ව තිබේ. මේ අතර රාජකාරී බාර ගනිමින් විජේසිංහ මහත්මිය පෙරේදා  (11) ටොරින්ටන් පෙදෙසේ ක‍්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ පිටියේ පැවැති ජාතික දැල්පන්දු සංචිතයේ පුහුණුවීම් මෙහෙයවූ බවද දැනගන්නට ඇත.

එම අවස්ථාවේ දීප්ති අල්විස් මහත්මියද පුහුණුුවීම් මෙහෙයවීම සඳහා එම ස්ථානයට පැමිණ සිටියත් පසුව ඇය පිටියෙන් ඉවත්ව ගිය බවද වැඩිදුරටත් වාර්තාවේ.

ජාතික දැල්පන්දු සංචිතයේ  පුහුණුකරු  තනතුරේ වෙනසක් කිරීමට දැල්පන්දු අතුරු කමිටුව උනන්දු වූයේ එහි ක‍්‍රීඩිකාවන්  පිරිසක් කළ ඉල්ලීමකට ප‍්‍රතිචාර දක්වමින් බවද හෙළිවේ. ජාතික දැල්පන්දු පුහුණුකරු ධුරයට අල්විස් මහත්මිය පත්වූයේ පසුගිය ජනවාරි මාසයේදීය.


 


අදහස් (0)

දීප්ති ඉවතට - හයිසින්ත් ඇතුළට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.