Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දිවා/රාත්‍රී වොලිබෝල් තරගාවලිය හෙට

දිවා/රාත්‍රී වොලිබෝල් තරගාවලිය හෙට

editorial - 2022 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(පාදුක්ක විශේෂ. නිහාල් වෙත්තසිංහ)

පාදුක්ක පිටුම්පේ මිතුරු සමාජය විසින් අවිස්සාවේල්ල ආසනයට පමණක් විවෘත වන පරිදි සංවිධානය කරනු ලබන වොලිබෝල් තරගාවලිය හෙට (17වැනිදා) පිටුම්පේ ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.

 මෙම තරගාවලිය දිවා/රාත්‍රී තරගාවලියක් වන අතර එය විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වේ.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා, දක්ෂතම ප්‍රහාරකයා, දක්ෂතම පන්දු පිරිනමන්නා, දක්ෂතම පිටිය රකින්නා (ලිබරෝ ක්‍රීඩකයා) සහ දක්ෂතම ආරක්ෂකයා ඇතුළු ක්‍රීඩකයන්ට මුදලින් ත්‍යාග  වවුචර පත් සහ කුසලානද හිමිවේ.

තරඟාවලියේ ශූරතාවය දිනාගන්නා ගන්නා කණ්ඩායමට රුපියල් 35,000 ක් සමග කුසලානයක් පිරිනැමේ. අනු ශූරතාවය හිමිකරගන්නා පිලට රුපියල් 25,000 ක් සමග කුසලානයක් හිමිවෙන බව සංවිධායක කමිටුව පවසයි.


අදහස් (0)

දිවා/රාත්‍රී වොලිබෝල් තරගාවලිය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.