Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දැල්පන්දු තේරීම් තරග 13-14

දැල්පන්දු තේරීම් තරග 13-14

රොෂාන් ගුණරත්න - 2016 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ජේ්‍යෂ්ඨ දැල්පන්දු ශූරතාවලිය සදහා සහභාගිවන ශ‍්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට ක‍්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තේරීම් තරග හෙට සහ අනිද්දා (13/14) කොළඹ ටොරින්ටන්’හි දැල්පන්දු ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.


ශූරතාවලිය පැවැත්වීමට මාස හයකටත් අඩු කාලයක් ඉතිරිව ඇති බැවින් දැල්පන්දු ජාතික සංචිතයේ සිටින ක‍්‍රීඩිකාවන් 89 දෙනාගෙන් ක‍්‍රීඩිකාවන් 50 දෙනකු තෝරා ගැනීමට ශ‍්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය කටයුතු යොදා තිබේ. ඉදිරියේදී තවත් තේරීම් තරග පවත්වමින් සංචිතය 30 දක්වා අඩු කිරීමට ද දැල්පන්දු සම්මේලනයේ අපේක්ෂාවයි.


පසුගියදා අනුරාධපුරයේදී පැවැති ජාතික දැල්පන්දු තරගාවලියේදී දස්කම් පෑ ක‍්‍රීඩිකාවන් 59 දෙනෙක් සංචිතයේ 89 දෙනා අතර සිටිති.  
ආසියානු දැල්පන්දු සම්මේලනය සංවිධානය කරන 10 වැනි ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලිය ජුලි මස 30 වැනිදා සිට අගෝස්තු මස 7 වැනිදා දක්වා තායිලන්තයේදී පැවැත්වීමට නියමිතය.  මේ ස`දහා සහභාගිවන රටවල් ගණන 10 කි.

 


අදහස් (0)

දැල්පන්දු තේරීම් තරග 13-14

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.