අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ ද්‍රවිඩ සංගම් පිල සහ බදුරලිය ක්‍රීඩා සමාජය අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ජය පරාජයෙන් තොරව අද (10 වැනිදා) අවසන්විය.
ද්‍රවිඩ සංගම් පිල වෙනුවෙන් මනෝජ් සරත්චන්ද්‍ර (නොදැවී 119) ශතකයක්ද දිනෙත් තිමෝද්‍ය (68) සහ බිනුර ප්‍රනාන්දු (54) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර රමිත් රඹුක්වැල්ල ලකුණු 102 කට කඩුලු කඩුලු 8 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
බදුරලිය ක්‍රීඩා සමාජයේ පැතුම් නිශ්ශංක (100) ශතකයක් සහ දිනෙත් තිමෝද්‍ය (68) අර්ධ ශතකයක් ලබාගත් අතර අලංකාර අසංක ලකුණු 106 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූයේය.
ද්‍රවිඩ සංගමය - පළමු ඉනිම - ඕවර 93.1 කදී සියලුදෙනා දැවී ලකුණු 332
(මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 119, ජීවන් මෙන්ඩිස් 77, සිතාර ගිම්හාන් 43, බිනුර ප්‍රනාන්දු 40, අලංකාර අසංක 106/5, දිලේෂ් ගුණරත්න 83/3, නසීර් මලික් 57/2)
බදුරලිය - පළමු ඉනිම - ඕවර 64.1 කදී සියලුදෙනා දැවී ලකුණු 196
(පැතුම් නිශ්ශංක 100, අලංකාර අසංක 23, රමිත් රඹුක්වැල්ල 40/6, බිනුර ප්‍රනාන්දු 26/2)
ද්‍රවිඩ සංගමය - දෙවැනි ඉනිම - ඕවර 48.4 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 182
(දිනෙත් තිමෝද්‍ය 68, බිනුර ප්‍රනාන්දු 54, ශාලික කරුණානායක 24, දිලේෂ් ගුණරත්න 55/2)
බදුරලිය - දෙවැනි ඉනිම - ඕවර 52 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 167
(දිල්හාන් කුරේ 55, රමිඳු ද සිල්වා 43, ජහන්ගීර් මිර්සා 34, රමිත් රඹුක්වැල්ල 62/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.