ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නැඟී එන කණ්ඩායම් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය සී.සී.සී. ක්‍රීඩාංගණයේදී අද (21 වැනිදා) ආරම්භ විය. ද්‍රවිඩ සංගම් පිල සහ කෝල්ට්ස් පිල අතර පැවැත්වෙන මෙම තරගය පළමු දිනයට අවසන් කරනවිට පන්දුවට පහරදෙමින් සිටි ද්‍රවිඩ සංගම් පිල කඩුලු 7 ක් දැවී ලකුණු 253 ක් රැස්කර සිටියේය.
කාසියේ වාසිය දිනාගත් ද්‍රවිඩ සංගම් පිල පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර එහිදී බිනුර ප්‍රනාන්දු (66) සහ කමිඳු මෙන්ඩිස් (51) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
යොහාන් මෙන්ඩිස් ලකුණු 47 ක් සහ දමිත සිල්වා ලකුණු 2 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.
හෙට (22) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.
ද්‍රවිඩ සංගම් පිල - පළමු ඉනිම - ඕවර 80 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 253
(බිනුර ප්‍රනාන්දු 66, කමිඳු මෙන්ඩිස් 51, යොහාන් මෙන්ඩිස් නොදැවී 47, තරංග පරණවිතාන 34, රමිත් රඹුක්වැල්ල 28, නලින් ප්‍රියදර්ශන 119/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.