Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දර්ශන - සෙනුදි ශූරතා දිනති
අතරමැදි- ආධුනික මේසපන්දු

දර්ශන - සෙනුදි ශූරතා දිනති

editorial - 2024 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ විනිසුරුවන්ගේ කමිටුව සංවිධානය කළ අතරමැදි සහ ආධුනික මේසපන්දු ශූරතාවලියේ අතරමැදි පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට මහනුවර විද්‍යාර්ථ විදුහලේ දර්ශන බඹරනුගේද, අතරමැදි කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට මහනුවර උසස් බාලිකා විදුහලේ සෙනුදි පටබැඳිගේද සමත් වූහ.
 
අතරමැදි පිරිමි කේවල අවසන් මහ තරගයේදී මහනුවර ත්‍රිත්ව විදුහලේ සෙන්හිරු දීගල්ලට එරෙහිව වට 2-0 ක ජයක් ලබමින් දර්ශන එම ශූරතාවට හිමිකම් කීවේය. සෙනුදි ශූරතාවට හිමිකම් කීවේ අතරමැදි කාන්තා කේවල අවසන් මහ තරගයේදී වට 2-0 කින් මහනුවර උසස් බාලිකා විදුහලේම රෙනුමි පටබැඳි පරාජය කරමිනි. 

තරගාවලියේ ආධුනික පිරිමි අවසන් මහ තරගයේදී කෑගලු විද්‍යාලයේ දිලිත් දින්සරට එරෙහිව වට 2-0 ක ජයක් වාර්තා කිරීමට මහනුවර විද්‍යාර්ථ විදුහලේ යසංග රුමේෂිත සමත් වූ අතර ආධුනික කාන්තා අවසන් මහ තරගයේදී මහනුවර විහාරමහාදේවි විදුහලේ අමීෂා කාවින්දිට එරෙහිව වට 2-1 ක ජයක් ලැබීමට මහනුවර මහාමායා විදුහලේ තිනිති හපුආරච්චි සමත් වූවාය.

මහනුවර තගරසභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ ආරාධිතයන් ලෙස ශ්‍රී ලංකා මේසපන්දු සංගමේ උප සභාපති මෙන්ම විනිසුරුවන්ගේ කමිටුවේ සභාපතිවරයාද වන අනුරාධ අබේරත්න, එම සංගමයේ උප සභාපති කෙවින් විජේසුන්දර, හිටපු සභාපති චන්දන පෙරේරා, තරගාවලියේ කමිටුවේ ලේකම් තුෂාර සම්පත්, විනිසුරුවන්ගේ කමිටුවේ ලේකම් සංජීව ධර්මදාස යන මහත්වරු සහභාගි වූහ. 


තරග ප්‍රතිඵල  
අතරමැදි පිරිමි කේවල 
දර්ශන බණ්ඩාර (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් වට 2-0 ක් ලෙස සෙන්හිරු දීගල්ල (මහනුවර ත්‍රිත්ව විදුහල) පරාජය කරන ලදි. (11/08, 11/06)

අතරමැදි කාන්තා කේවල 
සෙනුදි පටබැඳිගේ (මහනුවර උසස් බාලිකා විදුහල) විසින් වට 2-0 ක් ලෙස රෙනුමි පටබැඳිගේ (මහනුවර උසස් බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/04, 11/07)

ආධුනික පිරිමි කේවල 
යසංග රුමේෂිත (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් වට 2-0 ක් ලෙස දිලිත් දින්සර (කෑගලු විද්‍යාලය) පරාජය කරන ලදි. (11/08, 11/06)

ආධුනික කාන්තා කේවල 
තිනිති හපුආරච්චි (මහනුවර මහාමායා බාලිකා විදුහල) විසින් වට 2-1 ක් ලෙස අමීෂා කාවින්දි (මහනුවර විහාරමහාදේවී බාලිකා විදුහල) පරාජය කරන ලදි. (09/11, 11/08, 11/09) 


අදහස් (0)

දර්ශන - සෙනුදි ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.