ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (20 වැනිදා) අවසන්වූ තරගයකදී බස්නාහිර පළාත් (දකුණ) කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනිමට දකුණු පළාත් කණ්ඩායම සමත් විය.
සිතාර ගිම්හාන (නොදැවී 101) සහ චරිත් අසලංක (100) පළමු ඉනිමේදී ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර දෙවැනි ඉනිමේදී අර්ධ ශතකයක් (55) ලබාගැනිමටද චරිත් අසලංක සමත් විය. අදීශ තිලංචන ලකුණු 23 කට කඩුලු 5 ක් දවාගනිමින් දකුණු පළාත් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වුයේය.
බස්නාහිර පළාත (දකුණ) - පළමු ඉනිම - ඕවර 41.4 කදී සියලුදෙනා දැවී 117
(මින්හාජ් ජලීල් 36, ප්‍රමෝද් මදුවන්ත නොදැවී 27, මිලිඳු මදුරංග 24, අදීශ තිලංචන 23/5, සජිත සංකල්ප 20/2, චරිත් අසලංක 29/2)
දකුණු පළාත - පළමු ඉනිම - ඕවර 45 කදී කඩුලු 2 ක් දැවී 243
(සිතාර ගිම්හාන නොදැවී 101, චරිත් අසලංක 100, මිෂේන් සිල්වා 39/2)
බස්නාහිර පළාත (දකුණ) - දෙවැනි ඉනිම - ඕවර 66.2 කදී සියලුදෙනා දැවී 228
(මිලිඳු මදුරංග 87, සඳකැන් පතිරණ 43, මාධව නිමේෂ් 37, මලිත් මහේල 61/4, භානුක මදුප්‍රිය 44/2)
දකුණු පළාත - දෙවැනි ඉනිම - ඕවර 17.5 කදී කඩුලු 3 ක් දැවී 103
(චරිත් අසලංක 55, ලසිත් ලක්ෂාන් 21, පසිදු ඉසිර නොදැවී 20, මිෂේන් සිල්වා 16/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.