Last Update  :  2025-05-09 11:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දකුණු ආසියානු පාපන්දු තරගාවලියට 19 න් පහළ කණ්ඩායම නම්කරයි

දකුණු ආසියානු පාපන්දු තරගාවලියට 19 න් පහළ කණ්ඩායම නම්කරයි

editorial - 2025 මැයි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(වත්තල - ස්ටැනිස්ලස් පයස්)

දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් වයස අවුරුදු 19න් පහළ දකුණු ආසියානු පාපන්දු තරගාවලිය මේ මස අද (9) සිට 18 වෙනිදා දක්වා ඉන්දියාවේ යුපියා ගෝල්ඩන් ජුබිලි ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එහිදී ඉන්දියාව, ශ්‍රී ලංකාව, නේපාලය යන කණ්ඩායම් එක කාණ්ඩයකින් ද, භූතානය, බංග්ලාදේශය, මාලදිවයින යන කණ්ඩායම් තවත් කාණ්ඩයකින් ද තරඟ වැදීමට නියමිතය.

එම තරගාවලිය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම විජයරත්නම් හාරිස් (ශාන්ත ජෝශප්), නඩාල් ඒරන් (ගේට්වේ), මොහොමඞ් අක්‍රම් (ජාවාලේන්), රොයිසන් බ්‍රයිට් (ශාන්ත ජෝශප්) අයිඩන් ෆ්‍රැන්සිස් (ගේට්වේ), මොහොමඩ් රිෂ්වාන් (සහිරා), මොහොමඩ් ෂිරාෂ් (සහිරා), හිරුන් මිරාශ (මහින්ද - ගාල්ල), අනූජ පබසර (මහින්ද - ගාල්ල), මොහොමඞ් රිකාෂ් (සහිරා) මොහොමඩ් සිද්ධික් (හමීඩ් අල්හුසෙයිනී), මොහොමඞ් ඉර්ෆාන් (අල් අමීන් - කින්නියා), හුසේන් අබ්දුල්ලා (අල් ෆරාත් - මීගමුව), මොහොමඩ් හුසේන් (හමීඩ් අල්හුසෙයිනි), ෆාරිස් උමාර් (දරුසලම් - මඩකලපුව), මොහොමඩ් කතීන් (සහිරා), ඔනිත් එදිරිසිංහ (ඕස්ට්‍රේලියාව), අබ්දුල්ලා ෆායිස් (එක්සත් අරාබි එමිර්), රෂාඩ් ෂිහාබ් (රාජකීය), සකාරියා සුභාරුල්ලා (එක්සත් අරාබි එමීර්), අනුක් ශනිල් දසනායක (ගේට්වේ ), අයිමන් ෂවාහීර් (ඕස්ට්‍රේලියාව)

ප්‍රධාන කළමනාකරු - රවීන් චතුරංග, ‍ප්‍රධාන පුහුණුකරු - ඉම්රාන් මොහොමඩ්, සහාය පුහුණුකරු - මොහොමඞ් ෆවුමි, දැල් රැකීමේ පුහුණුකරු - ප්‍රියනාත් එදිරිසිංහ, කණ්ඩායම් වෛද්‍ය - චතුර අකලංක එදිරිසිංහ, භෞතික චිකිත්සක - මනෝජ් දර්ශන, පාසල් පාපන්දු සංගමයේ නියෝජිත - ඉස්මයිල් අබ්දුල්, උපකරණ භාර නිලධාරී - ඇන්තනිගේ රොෂාන්, ලීග් නියෝජිත - මොහොමඩ් නසාර්


අදහස් (0)

දකුණු ආසියානු පාපන්දු තරගාවලියට 19 න් පහළ කණ්ඩායම නම්කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.