Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දකුණු ආසියානු කනිෂ්ඨ තරගාවලිය අතහැර දමයි

දකුණු ආසියානු කනිෂ්ඨ තරගාවලිය අතහැර දමයි

editorial - 2022 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වසර 2022 ශ්‍රී  ලංකා මලල ක්‍රීඩා දින දර්ශනයට ඇතුළත් කර තිබු දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අත්හැර දැමීමට තීරණය  කර තිබේ.  තරග කාලසටහන අනුව දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබුණේ මැයි 19-20 දෙදින දීය.

ශ්‍රී ලංකාවේ උනන්දු කිරීම මත, වසර 2007 දී ආරම්භ කළ මෙම තරගාවලිය 2013 සහ 2018 වසර වලදීත් පවත්වා තිබේ.  මෙම තරගාවලිය නැවැත ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව ගන්නා උත්සාහයක් ලෙස මැයි 19-20 තරගාවලිය කොළඹදී පැවැත්වීමට සුදානම් කර තිබුණි. ඉන්දියාව ඇතුළු කලාපයේ රටවල් බහුතරයක් තරගාවලියට සහභාගිවීමට උනන්දුවක් නොදැක්වීම නිසා එය මෙවරත් අත්හැර දැමීමට හේතුවී තිබේ.

ශ්‍රී ලකාව ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම ඉන්දියාවේ අවධායනය යොමුකර තිබෙන නමුදු ඔවන්ගේ ප්‍රතිචාරය ඉතා ඇල්මැරුණු ස්වරූපයක් ගත් බවද වාර්තාවේ.

මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ උත්සහයෙන් ආරම්භ කළ දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අභාවයට ගිය කලාපීය තරගාවලියක් බවට පත්වනු ඇතැයිද වාර්තාවේ.

රට තුළ උද්ගතව පවතින වත්මන් තත්ත්වයද සැළකිල්ලට ගැනීමේදී මෙම තරගාවලියට සත්කාරය දැරීමට ශ්‍රී ලංකාව බෙහෙවින් අපහසු තත්ත්වයක් බවට පත්ව තිබේ. කෙසේ වුවත් දකුණු ආසියානු කනිෂ්ඨ තරගාවලිය වෙනුවට ශ්‍රී ලංකාව මෙම වසරට නියමිත සිව් වැනි ආසියානු (වයස 18න් පහළ) මලල ක්‍රීඩා තරගාවලියේ සත්කාරය ලබාගැනීමට දැරූ උත්සහයක්ද දැන් අත්හැර දමා තිබේ.

මෙම තරගාවලිය පසුගිය මාර්තු 1වැනිදා සිට 4 වැනිදා දක්වා ක්වේට් හි ‘ක්වේඩ් සිටි’ හිදි පැවැත්වීමට නියමිතව සිටියදි කොවිඩි වසංගතය හේතුවෙන් අත්හිටුවනු ලැබිය. එහෙත් මෙම තරගාවලිය මෙම වසරට පැවැත්වීමට ආසියානු මලල ක්‍රීඩා සංගම මෙතෙක් තහවුරු කර නැත.

අවසන් වරට මෙම තරගාවලිය වසර 2018 දී ජපානයේ ‘ගිනු’ නුවරදී පැවැත්වුණි. එහිදි ශ්‍රී ලංකාව පස්වැනි තැනට පැමිණෙමින් රන් පදක්කම් 3ක් රදි පදක්කම් 4ක් හා ලෝකඩ පදක්කම් දෙකක් හිමිකර ගෙන තිබේ. එහි ජයග්‍රාහකයා වන්නේ රන් පදක්කම් 14ක් දිනා ගත් සත්කාරක චීනයයි.


අදහස් (0)

දකුණු ආසියානු කනිෂ්ඨ තරගාවලිය අතහැර දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.