Last Update  :  2025-05-24 19:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දකුණු ආසියානු අනුශූරයෝ ක්‍රීඩා ඇමති හමුවෙති

දකුණු ආසියානු අනුශූරයෝ ක්‍රීඩා ඇමති හමුවෙති

editorial - 2025 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

නේපාලයේ කත්මන්ඩු නුවරදී පසුගියදා පැවැති දකුණු ආසියානු කණිෂ්ඨ යොවුන් මේස පන්දු තරගාවලියේ දී සමස්ත අනු ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා යොවුන් මේසපන්දු කණ්ඩායම පසුගියදා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා හමුවිය. 

ශ්‍රී ලංකා මේසපන්දු කණඩායම මෙම තරගාවලියේදී  විශිෂ්ට දක්ෂතා දක්වමින් රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 08 ක් සමගින් සමස්ත තරගාවලියේ අනු ශූරතාව හිමිකර ගත්තේය. 

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වයස අවුරුදු 19න් පහළ බාලිකා, අවුරුදු 19න් පහළ බාලක, අවුරුදු 15න් පහළ බාලක සහ අවුරුදු 15න් පහළ බාලිකා ලෙසින් කණ්ඩායම් 4ක් සහභාගී වු අතර, ඊට ක්‍රීඩක-ක්‍රීඩිකාවෝ 16දෙනෙක් ඇතුළත් වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායම ජුනි මාසයේදී උස්බෙකිස්තානයේ පැවැත්වීමට නියමිත ආසියානු කණිෂ්ඨ යොවුන් මේසපන්දු තරගාවලිය සඳහා සහභාගිවීමට ද සුදුසුකම් ලබා තිබේ. 

 

අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායම  : 
ලෙසණ්‍යා සෙතුම්දී (නායිකාව), ශමල්ෂා දෙව්මි, සඳිති ජයසිංහ සහ දිව්‍යා ධරණි   

අවුරුදු 19න් පහළ බාලක කණ්ඩායම : 
ඩිරාන් හාමර් (නායක), හරීන් ද සොයිසා, දනුක් ළමාසූරිය සහ කේන් බෝජිත්  

අවුරුදු 15න් පහළ බාලක කණ්ඩායම  :
අගස්ත්‍ය ආනන්දිත (නායක), නවිරු නෙත්සිත, ඔසඳ උපේක්‍ෂණ සහ සවින්ද පසිඳු   

අවුරුදු 15න් පහළ බාලිකා කණ්ඩායම  : 
යෝෂිනි ජයවර්ධන (නායිකාව), මුතුලි සහන්යා, කේ.එස්.ටී. චානුකි අක්ෂනා සහ අනුදි ආරියරත්න 

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරීන් : 
ඩබ්ලිව්.තුෂාර සම්පත් මහතා (කළමණාකරු),  චතුර දුෂාන් ද සිල්වා මහතා (ප්‍රධාන පුහුණුකරු), උපුල් සමන්ත මහතා (පුහුණුකරු), සංදීපා විජයන්ති මහත්මිය (ක්‍රීඩිකාවන් භාර නිලධාරිනිය)

 


අදහස් (0)

දකුණු ආසියානු අනුශූරයෝ ක්‍රීඩා ඇමති හමුවෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.