Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දකුණු අපි‍්‍රකානු - නෙදර්ලන්ත තරගාවලියත් නවතී

දකුණු අපි‍්‍රකානු - නෙදර්ලන්ත තරගාවලියත් නවතී

editorial - 2021 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අපි‍්‍රකාවෙන් සොයාගන්න ලද කොරෝනා වයිරසයේ නවතම ප‍්‍රභේදය නිසා පනවන ලද සංචරණ සීමා හේතුවෙන් දකුණු අපි‍්‍රකාවේදී එක්දින තරගාවලියකට සහභාගි වෙමින් සිටි නෙදර්ලන්ත කණ්ඩායමේ සංචාරය ද අතර මග නතර කර තිබේ.

ජොහැන්නස්බර්ග් නුවර ආසන්නයේ පිහිටි සෙන්චූරියන්හිදී සිකුරාදා (26 වැනිදා) පැවැති තරගයට වර්ෂාව හරස්වීම නිසා එම තරගය විසඳුමකින් තොරව අතහැර දමන ලදි.

මේ වන විට පවතින සංචරණ සීමා හේතුවෙන් නෙදර්ලන්ත කණ්ඩායමට මේ සති අන්තයට පෙර දකුණු අපි‍්‍රකාවෙන් පිටත්ව යාමට ඉඩප‍්‍රස්ථාව ලැබීම බොහෝ අඩු බවද දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් අයතනය කියයි.

තරගාවලිය අතරමග නතර කිරීමට තීරණය කර ඇත්තේ නෙදර්ලන්ත කණ්ඩායමට ආපසු සිය නිවෙස් බලා යා නොහැකි වනු ඇතැයි මතුව ඇති කාංසාව සහ ඒ සම්බන්ධ කාරණා හේතුවෙනි. මේ වන විට පනවා ඇති සංචරණ සීමා නිසා එක්සත් රාජධානියේත්, ඇමරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ ඇතැම් රටවල් දැනටමත් දකුණු අපි‍්‍රකාවේ සිට එන ගුවන් යානා ගොඩබෑම තහනම් කර තිබේ.  

- 213


අදහස් (0)

දකුණු අපි‍්‍රකානු - නෙදර්ලන්ත තරගාවලියත් නවතී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.