Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දක්ෂිත මනුකල්ප ධර්මරාජය දිනවයි

දක්ෂිත මනුකල්ප ධර්මරාජය දිනවයි

editorial - 2024 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

ධර්මරාජ විදුහලත් කිංස්වුඩ් විදුහලත් අතර පල්ලෙකැලේ ජාත්‍යන්තරක්‍රීඩා පිටියේදී පැවති 117 වැනි මහා ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 69 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ධර්මරාජ පිල සමත් විය . මෙම වාර්ෂික මහ ක්‍රිකට් තරගය විලියම් වීරසිංහ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන්නකි. 

පළමු දිනයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ධර්මරාජ විදුහල් පිල තේ පානය වන විට කඩුලු දෙකක් දැවී ලකුණු 325 ක් ලබාගත්තේය. පළමු දින තේ පානයට පසු පැවති මන්දාලෝක තත්ත්වය හේතුවෙන් තරගය නවතා දැමීමට සිදුවිය.

දෙවැනි දිනයේ පන්දුවට පහරදීමට පැමිණි කිංස්වුඩ් කණ්ඩායම ලකුණු 178 දැවී ගියේය. පිට පිටම දෙවැනි ඉනිම සඳහාත් පන්දුවට පහර දුන් කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ දක්ෂිත මනුකල්ප (30/8) හමුවේ ලකුණු 78 කට දැවී ගියහ. 

ධර්මරාජ පළමු ඉනිම - කඩුලු 2 ට 325 

කිංග්ස්වුඩ් පළමු ඉනිම - සියලු දෙනා දැවී 178 
(නිකේෂල නානායක්කාර 20, තේනුක දිසානායක 22, යෝෂිත අබේකෝන් 27, දිනූක සඳරුවන් 13, නිසල අබේරත්න 34/2, ෂෙහාන් මාරසිංහ 34/2, ඔනීජ සේසත් 34/4) 

කිංස්වුඩ් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 78 
(කවීජ ගමගේ 13, නිකේෂල නානායක්කාර 10, තේනුක දිසානායක 18, දක්ෂිත මනුකල්ප 30/8)

ඡායාරූපය - ධර්මරාජ නායකදුලාර බන්දුලසේන විසින් විලියම් වීරසිංහ කුසලානය ලබාගත් අවස්ථාව.


අදහස් (0)

දක්ෂිත මනුකල්ප ධර්මරාජය දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.