Last Update  :  2025-12-29 15:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දිල්ශාන් ලකුණු 319 යි, කඩුලූ 9 යි

දිල්ශාන් ලකුණු 319 යි, කඩුලූ 9 යි

ශනුක අරවින්ද - 2013 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තරගයකදී රත්ගම දේවපතිරාජ විදුහල් කණ්ඩායමේ නායක දිල්ෂාන් කාංචන මහරගම ජනාධිපති විදුහලට එරෙහිව ලකුණු 319 ක් රැස්කරමින් සහ කඩුලූ 9 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද අති විශිෂ්ට දස්කම් දැක්වීමට සමත්විය. මෙම තරගය රත්ගමදී අද (24 වැනිදා) අවසන් විය.

කාංචනගේ එම විශිෂ්ට දස්කම් නිසා රත්ගම මහජන කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගයෙන් ඉනිමක සහ ලකුණු 259 ක ජයක් ලැබීමට දේවපතිරාජ විදුහලට හැකිවිය. පන්දු 306 ක් තුළ වාර්තාවූ කාංචනගේ ති‍්‍රත්ව ශතකයට හයේ පහර 9 ක් සහ හතරේ පහර 44 ක් ඇතුළත්විය.

ජනාධිපති විදුහල පන්දුවට පහර දෙමින් සිටියදී පළමු ඉනිමේ ලකුණු 36 කට කඩුලූ 5 ක් දවාගත් කාංචන, දෙවැනි ඉනිමේදී ලකුණු 22 කට දවාගත් කඩුලූ 4 ක් සමගින් සමස්ථ තරගයේදීම ලකුණු 58 කට කඩුලූ 9 ක් දවාගැනීමට සමත්විය.

මේ වසරේ පැවති බංග්ලාදේශ සංචාරයේදී ශී‍්‍ර ලංකා වයස 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ කාංචන ආසියානු 19 න් පහළ තරගාවලිය සහ 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කිරීම සඳහා තෝරාගන්නා ලද ශී‍්‍ර ලංකා සංචිතයට ඇතුළත් වී නැත.

දේවපතිරාජ විදුහල පළමු ඉනිම - ඕවර 101.4 කදී සියලූදෙනා දැවී 482
(දිල්ෂාන් කාංචන 319, රමිඳු නිකේෂල 48, චතුර ලක්ෂාන් 36, උදේෂ් මධුරංග 26, නිමේෂ් චතුරංග නෙදැවී 10, සහන් වික‍්‍රමරත්න 55/3, ප‍්‍රභාත් දුලංජන 72/2, කවීෂ ගනිඳු 80/2)

මහරගම ජනාධිපති විදුහල පළමු ඉනිම - ඕවර 28.2 කදී සියලූදෙනා දැවී 97
(සචින්ත පතිරණ නොදැවී 15, ආකාෂ් වික‍්‍රමරත්න 15, දිල්ෂාන් කාංචන 36/5, චතුර ලක්ෂාන් 25/2)

හරගම ජනාධිපති විදුහල දෙවැනි ඉනිම - ඕවර 23.4 කදී සියලූදෙනා දැවී 126
(ඔෂිඳු ධනංජය 32, ආකාෂ් වික‍්‍රමරත්න 26, චානුක ප‍්‍රභාත් 23, ඩිලාන් ගුණසේකර 20, දිල්ෂාන් කාංචන 22/4, චතුර ලක්ෂාන් 44/3, රවීන් යසස් 9/2)

- 036

 


අදහස් (0)

දිල්ශාන් ලකුණු 319 යි, කඩුලූ 9 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.