Last Update  :  2025-07-09 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දිවා - රාත්‍රී පාපන්දු තරග හෙට - අනිද්දා

දිවා - රාත්‍රී පාපන්දු තරග හෙට - අනිද්දා

සංජය එරමුදුගොඩ - 2017 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වොක්සල් ෆයිටර්ස් ක්‍රීඩා සමාජය සංවිධානය කරන සංවිධානය කරන සත් සාමාජික දිවා - රාත්‍රී පාපන්දු තරගාවලියක් හෙට (18 වැනිදා) සහ අනිද්දා (19 වැනිදා) පෙරවරු 9.00 සිට හයිඩ් පිටියේදී පැවැත්වේ.  

පිළිමලුන් පිටුදැකීමේ ක්‍රමයට අනුව පැවැත්වෙන මෙම තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ශූරතා කුසලාන සමගින් රුපියල් 50,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමේ.

අනුශූරතාව සඳහා රුපියල් 25,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමෙන අතර දක්ෂතම ක්‍රීඩකයා, වැඩිම ගෝල ලබාගන්නා සහ දක්ෂතම දැල රකින්නා සඳහාද රුපියල් 5,000 බැගින් මුදල් ත්‍යාග පිරිනැමීමටද සංවිධායකයෝ සූදානමින් සිටිති.

තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස ක්‍රීඩාභූමි සහ විනෝදාංශ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආර්. එස්. ශාලිකා එස්. රණවීර මහත්මිය සහභාගි වීමට නියමිතය.


- 036


අදහස් (0)

දිවා - රාත්‍රී පාපන්දු තරග හෙට - අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.