ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත අංශයේ පිරිමි කේවල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට දිනේෂ්කාන්තන් තංගරාජා, තන්වීර් ආෂික්, හීරා ආෂික් සහ සංඛ අතුකෝරාල යන කී‍්‍රඩකයෝ ඊයේ (19 වැනිදා) සමත්වූහ.
ඊයේ පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරග වලදී දිනේෂ්කාන්තන් තංගරාජා හමුවේ එම්. ඒ. ශකීර්ද, තන්වීර් ආෂික් හමුවේ අම්රේෂ් ජයවික‍්‍රමද, හීරා ආෂික් හමුවේ දෙල්වර් හුසේන්ද, සංඛ අතුකෝරාළ හමුවේ ඊබ‍්‍රහීම් හුසේන්ද පරාජයට පත්වූහ.
මෙහිදී දිනේෂ්කාන්තන් තංගරාජා, තන්වීර් ආෂික් සහ සංඛ අතුකෝරාළ, ශ්‍රේණිගත කිරීම් වල තමන්ට වඩා පහළින් රැදීසිටින කීඩකයන් පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර හීරා ආෂික් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ ශ්‍රේණිගත කිරීම් වල තමන්ට වඩා ඉහළින් රැදීසිටින කීඩකයකු පරාජය කරමිනි.
ඒ අනුව පළමු අවසන් පූර්ව තරගයේදී දිනේෂ්කාන්තන් තංගරාජා සමගින් තන්වීර් ආෂික් තරග වදින අතර දෙවන අවසන් පූර්ව තරගයේදී සංඛ අතුකෝරාළ සමගින් හීරා ආෂික් තරග වැදීමට නියමිතය.
විවෘත අංශයේ පිරිමි කේවල අර්ධ අවසන් පූර්ව වටයේ ප‍්‍රතිඵල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.