Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තේරීම් තරග හෙට - අනිද්දා

තේරීම් තරග හෙට - අනිද්දා

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 18 න් පහළ දකුණු ආසියානු පැසිපන්දු තරගාවලියට සහභාගිවන ශ‍්‍රී ලංකා පිරිමි කණ්ඩායමට ක‍්‍රීඩකයන් තෝරා ගැනීමේ තරග හෙට සහ අනිද්දා (9-10) කොළඹ රාජකීය විදුහල් පැසිපන්දු ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.

දකුණු ආසියානු පැසිපන්දු සම්මේලනය සංවිධානය කරන මෙම තරගාවලිය මැයි මස 26 වැනිදා සිට 29 වැනිදා දක්වා බංග්ලාදේශයේ ‘ඩකා’ නුවරදී පැවැත්වීමට නියමිතය. 1998 වසරේ ජනවාරි මස 1 වැනිදා හෝ ඊට පසුව උපන් ක‍්‍රීඩකයන්ට මෙම තේරීම් තරග සහා සහභාගිවිය හැකිය. හෙට (9) පස්වරු 2.30 සිට පස්වරු 5.30 දක්වා ද, අනිද්දා (10) පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා ද තේරීම් තරග පැවැත්වෙයි.

පාසලකින් ක‍්‍රීඩකයන් පස්දෙනකුට පමණක් මේ සඳහා ඉදිරිපත් විය හැකි බව තේරීම් කමිටු නිලධාරීහු කීහ.

 


අදහස් (0)

තේරීම් තරග හෙට - අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.