Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තිසරගේ දස්කම් කුල්නා පිල දිනවයි

තිසරගේ දස්කම් කුල්නා පිල දිනවයි

editorial - 2022 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (21 වැනිදා) ඩකා නුවර ශ්‍රේ බංග්ලා‍ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී ඉසුරු උදාන ක්‍රීඩා කරන ඩකා කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට තිසර පෙරේරා ක්‍රීඩා කරන කුල්නා කණ්ඩායම සමත් විය.

එහිදී ඕවර 4 ක් යවමින් ලකුණු 27 කට කඩුල්ලක් දවාගත් තිසර, ජයග්‍රාහී ඉලක්කය හඹා යෑමේදී හතරේ පහර 6 ක් සමග පන්දු 18 කින් නොදැවී ලකුණු 36 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. එහෙත් සිය ඕවර 4 තුළ ප්‍රතිවාදීන්ට ලකුණු 37 ක් ලබාදුන් උදාන කඩුල්ලක් දවාගැනීමට අසමත් විය.

ජයග්‍රහණය කරා ලකුණු 184 ක ඉලක්කයක් හඹාගිය කුල්නා ක්‍රීඩකයෝ පන්දු 6 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී එම ඉලක්කය පසුකර ගිය අතර පන්දු 42 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 61 ක් රැස්කළ රොනී තුලක්දාර් තරගයේ වීරයා බවට පත්විය. ආරම්භක පිතිකරු ඔන්ඩ්‍රි ෆ්ලෙචර් පන්දු 23 කින් ලකුණු 45 ක් රැස්කළේද හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඩකා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 183 ක් ලබාගත් අතර එහිදී ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් පන්දු 42 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 50 ක් රැස්කළේය. මොහොමඩ් ශේෂාඩ් පන්දු 27 කදී හත‍රේ පහර 8 ක් සමග ලකුණු 42 ක්ද, නායක මහමදුල්ලා රියාද් පන්දු 20 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුනු 39 ක්ද රැස්කළහ.

 

ඩකා පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 183
(මොහොමඩ් ශේෂාඩ් 42, ටමීම් ඉක්බාල් 50, මහමදුල්ලා රියාද් 39, කම්රුල් ඉස්ලාම් 45/3)

කුල්නා පිල - ඕවර 19 කදී කඩුලු 5 කට 186
(ඔන්ඩි ෆ්ලෙචර් 45, රෙනී තුලක්දාර් 61, තිසර පෙරේරා නොදැවී 36, ඉබාදත් හොසේන් 27/2, ඔන්ඩ්‍රි රසල් 42/2)

-036  


අදහස් (0)

තිසරගේ දස්කම් කුල්නා පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.