(දමින්ද විජේසූරිය)
ලබන මස මුල් සතියේදී ආරම්භ වීමට නියමිත එල්.පී.එල්. තරගාවලියේ තාක්‍ෂණික කමිටු ප්‍රධානියා වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු කළමණාකරුවකු වන චරිත් සේනානායක මහතා පත්කර තිබේ.
බන්දුල දිසානායක, ෂේන් ප්‍රනාන්දු, චමින්ද මෙන්ඩිස් සහ ටිරොන් විජේවර්ධන තාක්‍ෂණික කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
බන්දුල දිසානායක මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු තරග කමිටු ලේකම්වරයෙකි. ෂේන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු මාධ්‍ය කළමණාකරුවකු වන අතර චමින්ද මෙන්ඩිස් මහතා හිටපු තේරීම් කමිටු නිලධාරියෙකි. ටිරෝන් විජේවර්ධන මහතා ප්‍රධාන පෙළේ විනිශ්චයකරුවෙකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.